
(ඩී.කේ.රත්න,කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ප්‍රසන්න පද්මසිරි)
බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් පස් දෙනකු දියේ ගිලීමෙන් අද (29) හවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර එක් තරුණියක් අතුරුදහන්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය වත්ත පළමු කොටසේ පදිංචි වන රාජා ඩේවිඩ් කුමාර් (23) , සිව සුබ්‍රමණියම් කාංචනා (21) , භවානි (22) , සින්දු (18) සහ සිරියා (20) නැමති අය මෙසේ අවාසනාවන්ත ලෙස දියේ ගිලීමෙන් මියගොස් තිබේ.
මියගිය අයගෙන් සිවු දෙනකුගේ සිරුරු ඊයේ සොයාගත් අතර එක් තරුණියකගේ සිරුර අද දහවල් පොලිසිය විසින් සොයාගනු ලැබීය
මෙසේ දියේ ගිලී මියගිය සිවුදෙනෙකුගේ මෘත දේහ මේ වන විට ගොඩගෙන තිබෙන අතර එක් තරුණියකගේ සිරුර මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය වත්ත පළමු කොටසේ නිවසක තිබූ දානමය කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව එකොලොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගැරඩි ඇල්ලේ දිය නෑමට ගොස් ගැරඩී ඇල්ල අසලම ඊට පහලින් පිහිටි දිය වළක දිය නෑමට යාමේදී මෙම අනතුරට ලක්වී තිබේ.
මෙම දියවල ඉතා ගැඹුරින් පිහිටා තිබීම නිසා මෙම දියවලෙහි කිසිවකුත් දියනෑම සිදු නොකරන බවද ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළධාරීන් පැමිණ දියවල ඇතුලෙහි සැගවී තිබූ මෘත දේහ හතරක් ගොඩගෙන තිබේ.
අතුරුදන්ව ඇති ඉතිරි තරුණියගේ මෘත දේහය සොයා ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළධාරීහු එක්ව මේ වන විටත් මෙහෙයුමක් දියත් කර ඇතයි ඇටම්පිටිය පොලීසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩිකාලේ නම් දිය ඇලි සහ ගංගා අශ්‍රිතව මේතරම් මරණ සිදුවුණේ නැහැ. මේ ගැන සමීක්ෂණයක් කළයුතුව ඇත...
දැන් ඉන්න මිනිස්සුන්ගේ ඔලු.. විකාර මෙගා නාට්‍ය වලින් පිරිලා. පුවත්පත් සහ අනෙකුත් පුවත් ගැන කිසිම අවබෝධයක් නැහැ. කෙටි කාලයක් ඇතුළත ජීවිත කීයක් නම් වතුරට බිලි වුණාද? ඒවා නොදැන සිටීමේ ප්‍රතිඵල... අපරාදෙ ජීවිත. අපේ සාක්ෂරතාවය 98% ක් කිව්වට, ඒක පේන්නේ නැහැ.
ඉදිරි මරණ වළක්වා ගන්න.. මෙතන කරුණාකරලා දැන්වීමක් දාන්න දියනෑම අනතුරුදායකයි කියලා...
ඇයි දරුවනේ කිසිවෙකු දිය නොනාන තැන් වල නාන්න යන්නේ. තමන්ගේ ජීවිතවලට ඔයිට වැඩිය වටිනා කමක් දෙන්න. ඔයාලව ඔය වයසට ගේන්න ඔයාලගේ දෙමව්පියන් විදි දුක කොපමණ ඇද්ද.
ප්‍රාදේශීය සභාවෙන් අනතුරු අඟවලා බෝඩ් ගහලා නැද්ද? දේශපාලකයින් එන ඒවා විවෘත කරන ඒවා නම් ප්‍රාදේශීය සභාවෙන් ගහයි.
සහන මිලට අතේ පළඳින බැලුන් බෝල දෙන්න ඕනේ... ගිලෙන්න යද්දී... ඒක එබුවාම නිකන්ම උඩ එනවා..
අකාලයේ විනාශ වෙන තරුණ ජීවිත ගැන හරිම කණගාටුදායකයි. පහුගිය කාලේ පුරාවටම අහන්න ලැබුණේ ඔවැනි සිදුවීම් තමයි. අවදානම් බව දැනදැනත් මොකට පීනන්න යනවාද? සිහි බුද්ධියෙන් කටයුතු නොකිරීමේ විපාකේ... සියලුම දෙනාට නිවන්සුව අත්වේවා !