(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන උපාධිධාරීන්ට සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ලබන අඟහරුවාදා (3)සවස 6ට මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇත.

ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදීමට එකඟතාව පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති  මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා උපවාසකරුවන්ට අද(30) දැනුම් දුන්නේය.

පාසල් වලට අන්තර් ග්‍රහණය කරන ලද මෙම උපාධිධාරීහු සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරති.