(සිරංගිකා ලොකුකරවිට)
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවක් ආරම්භ කරන බවත්, දැනට නිකුත් කරන උප්පැන්න සහතිකය නව මුහුණුවරකින් ජාතික උප්පැන්න සහතිකයක් ලෙස නිකුත් කරන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ අනුව 2019 ජනවාරි 01 දා සිට උපත ලබන දරුවන් වෙනුවෙන් නිකුත් කරනු ලබන උප්පැන්න සහිකය භාෂා දෙකකින් යුක්තව නව ආරක්ෂිත ක්‍රම සහිතව නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍ය අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ දී ලබාදෙන අංකය ඉදිරියේ දී ජාතික හැඳුනුම්පත් අංකය ද වන බවයි.
නව උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ පුද්ගලයකු ශ්‍රී ලාංකික යනුවෙන් පමණි. එමෙන්ම මව්පියන් විවාහක ද අවිවාහක ද යන කොටස ද මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිබේ.
ව්‍යාජ උප්පැන්න සහතික නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා නව උප්පැන්න සහතිකයේ අධෝරක්ත කිරණවලට සංවේදී රාජ්‍ය ලාංඡනයක් අඩංගු කර ඇති අතර පරිගණක කේතයක් සහ ආරක්ෂිත ස්ටිකරයක් ද අලවා ඇත. එමගින් දූෂණ හා වංචා සිදුවීම අවමකළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහන මාර්තු 16දා දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.
ඉඩම් ඔප්පු ලියාපදිංචියෙන් රජය වාර්ෂිකව ලැබූ ආදායම රුපියල් මිලියන 800ක් පමණ වන බවත් එක්දින සේවාව ආරම්භ කිරීමෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් මිලයන 8000ක් බවත් වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් ඉදිරියට පුද්ගලයෙකු ශ්‍රි ලාංකික ලෙස යන්න පමණක් සදහන් කිරීම ගැන නම් හදවතින්ම ස්තූති කල යුතු වෙනවා.
ඉඳහිට හොඳ වැඩත් කරනවා එහෙනම්...
හොඳ අදහස. මෙම අංකයටම පුද්ගලයන්ගේ නිවාස, ඉඩම් සහ බැංකු ගිණුම් ආදී සියලුම දේවල් සම්බන්ධ කළා නම් රටේ දේශපාලකයන්ගේ චංචාද යම් තරමකට අඩුකළ හැකියි.
කවුරු කළත්, කාගේ අදහසක් හෝ උපදේශයක් වුවද මෙවැනි වැඩ මල්මිටක් පුදමින් අගය කළ යුතුය. මා නවසීලන්තයට පැමිණීමේදී මගේ සිංහලෙන් පමණක් ලියා තිබුන උප්පැන්න සහතිකය swan translator කෙනෙක් මගින් ඉංග්‍රීසියට පරිවර්තනය කර යැවිය යුතුව තිබිණි. මේ නව ක්‍රමය යටතේ බොහෝ දෙනෙකුට එවන් පරිවර්තකයන් පසුපස යාමෙන් නාස්ති කරන කාලය ඉතිරිකර ගත හැකිවේ.
මේ නිලධාරීන්ට කරන්න වෙන වැඩ මොකුත්ම නැද්ද? දැනට තියන අත්‍යාවශ්‍යම රාජකාරිය ඕකද?
පොඩ්ඩක් ඉන්න. දෙමව්පියන්ගේ විවාහක, අවිවාහක භාවය තහවුරු නොකිරීමෙන් නීතිමය ගැටළු මතුවිය නොහැකිද? ඕනෑම කෙනෙකුට තවකුගේ නමක් යොදා උප්පැන්නක් සාදා ගතහැක. එයින් අනාගත නීතිමය ගැටළු මතුවිය නොහැකිද?
ඒ වුණාට අර උපවාසවංශට මේක ප්‍රශ්නයක් නොවේ.
එක්දින සේවාව හොඳ වැඩක්...
උප්පැන්න සහතිකයෙන් ජාතිය අයින් කළාම රටේ සිංහල උරුමය අහිමිවීයාම සඟවා තබන්න පුලුවන්...
ඉතාමත් හොඳයි. ශ්‍රී ලාංකික පමණක් යොදා, සිංහල, දෙමල, මුස්ලිම් ආදී වශයෙන් කිසි සඳහනක් නොකරන්න. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විනා සිංහල, දෙමල, මුස්ලිම් පුරවැසියන් නොවේය.
උප්පැන්නයෙන් ජාතිය අයින්කරන්නේ කාගේ වුවමනාවටද? සිංහල ජාතිකයින් ශ්‍රී ලාංකික කියා ජාතිය දියාරු කරන්න එපා. යුනෙස්කෝව සිංහල භාෂාව ලෝක උරුමයක් ලෙස රැකගන්න හදනවිට මේ සිංහල පාදඩයින් සිංහල අපේ අනන්‍යතාවය විහින් නැතිකර ගන්න හදනවා... 75% සිටින සිංහලයින් 25% නිසා තම අනන්‍යතාවය නැතිකර ගන්නේ ඇයි? මම කිසිතැනක් ජාතිය ශ්‍රී ලාංකික කියා කියන්නේ නැත.
උප්පැන්නයට අලුත්දෙවල් එකතු කරන්න කලින් තිබෙන දේවල් නිවැරදිව ඉදිරිපත් කරන්න. මගේ වාසගමේ තිබුණු වරදක් හදා ගන්න ගියාම ඒ වැරැද්ද හදලා මගේ පියාගේ නම වරද්දලා ලියලා තිබුණා. ඒ වැරැද්ද පෙන්නුවාම රෙජිස්ටාර් නිලධාරීන් වැරදි නැතිබව කිව්වා. මම නිවැරදිව නිකුත් කළ උප්පැන්නය පෙන්වූවාම එයාගේ කටවැහුණා.
ජාතිකයා කියන්නේ යම් රටක පුරවැසියන්ටය.. ප්‍රංශ ජාතිකයා කියන්නේ ප්‍රංශ පුරවැසියන්ටයි. දෙමළ ජාතිකයා කිව්වොත් දෙමළ රටක් තිබිය යුතුයි. මුස්ලිම් ජාතිකයා කිව්වොත් මුස්ලිම් රටක් තිබිය යුතුය. අපි ශ්‍රී ලාංකික ජාතිකයින් පමණි. සිංහල, දෙමළ ජනවාර්ගික කොට්ටාශ පමණි. ජාතිකයින් නොවේය. ජාතික ගීය ශ්‍රී ලංකා ජාතික ගීය විනා සිංහල හෝ දෙමළ ජාතික ගීය නොවේය...
මම ලංකාවේ සිංහල දෙමාපියන්ට දාව ඉපිද අවුරුදු 65 කට වැඩ කාලයක්ම ලංකාවේ සිංහල කථාකරන ප්‍රදේශයක ජීවත්ව, තවමත් ජීවත්වන පිරිමි ශ්‍රී ලාංකිකයකු වෙමි. මගේ සියලු නැදෑයන් සිංහල කතාකරන අය වේ. නමුත් මම පුහු අන්තවාදියෙකු නොවෙමි.