IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


උපාධිධාරීන් - ඩිප්ලෝමාධාරීන් 50,000 කට පත්වීම් ලිපි

(අජන්ත කුමාර අගලකඩ)

උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකෙරෙනු ඇත.

අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් තොරතුරු ජනාධිපති කාර්යාල මගින් පරිගණක ගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම සහ ඔවුන් සේවා ස්ථානවලට අනියුක්ත කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ඇත.

වසරක පුහුණු කාලයකින් අනතුරුව ඔවුන් සේවය කිරීමට කැමැත්ත පළකර ඇති ග්‍රාමීය ප්‍රදේශවල , මධ්‍යම රජයට හෝ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනියුක්ත කිරීමටද රජය සැලසුම් කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍යාංශ මණ්ඩලය ඉකුත් දා අනුමැතිය දී තිබිණි.

 

 



අදහස් (20)

උපාධිධාරීන් - ඩිප්ලෝමාධාරීන් 50,000 කට පත්වීම් ලිපි

dee Tuesday, 25 February 2020 01:26 PM

දැන් බලමු එජාප වහල්ලු මොකද කියන්නේ කියලා.

:       23       93

හනුමාන් Tuesday, 25 February 2020 03:34 PM

යාචකයාගේ ප්ලේන්ටී එකේ ඇති සීනි තේකොළ වලට අයකරන බදුවලින් කොටසකුත් මේ අයගේ පඩිනඩි ගෙවීම සදහා යෙදෙවෙනු ඇති.

:       17       42

hhhhhhhh Tuesday, 25 February 2020 03:50 PM

කවදද පත්වීම් දෙන්නේ ?

:       22       25

රසික Tuesday, 25 February 2020 03:53 PM

රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයකටත් අධික රාජ්‍ය සේවකයන් සිටින අවස්ථාවක පුරප්පාඩු හෝ කිරීමට රාජකාරියක් නොමැතිව තවත් 50,000 ක් පින් පඩි දීම සඳහා බඳවා ගැනීමට වත්මන් ජනාධිපතිත් තීරණය කළානම් රටට යන කල මොකක්ද?

:       143       79

නන්නාදුනන හාදයා Tuesday, 25 February 2020 04:11 PM

අහුවෙන්න එපා...!!! පත්වීම් දුන්නට.. පඩි ගෙවන්න සල්ලි කෝ...!!! ඕක ඡන්ද ගුණ්ඩුවක්..!!!

:       83       71

බද්රානි Tuesday, 25 February 2020 04:13 PM

දැනටමත් සේවක අතිරික්තයක් තිබෙන රාජ්‍ය සේවයේ ඒ පිං පඩිවල බර දරන්න වෙන්නෙත් අසරණ දුප්පත් ජනතාවට තමයි..

:       3       88

ලියදිපිටිය Tuesday, 25 February 2020 05:53 PM

ප්‍රශස්තයි...

:       13       4

Wijebahu Tuesday, 25 February 2020 09:14 PM

ඡන්දෙ එනවෝ... කැරට් ලාබයි...

:       41       62

Perera Wednesday, 26 February 2020 12:14 AM

මේවා මේ දෙන්නේ රටේ රැකියාවල් උපද්දවලා නෙවෙයි. මෙහෙම රැකියාවල් දෙන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩකට 10ක් විතර පත්කරලා. මෙවැනි දේවල්වලින් ආර්ථික ඵලදායිතාවයක් නැහැ. එහෙම වුණාම ආර්ථික වර්ධනයක් නැහැ. ඒ නිසා මුදල් අච්චු ගගහා පඩි ගෙවාවි. රුපියලේ අගය තව තවත් බහිවි. මේ තත්වය ඔය උපාධිධාරියන් දන්නවද මන්දා... රස්සාවක් දුන්නු පමණින් ආණ්ඩුව හොඳයි කියලා ඡන්දෙ දුන්නොත් රටට නම් කිසිම වගතුවක් වෙන්නේ නැහැ..

:       10       212

Kaluarachchige Nayana Kumuduni Wednesday, 26 February 2020 12:34 AM

කවද්ද අපට පත්වීම් ලිපි ලැබෙන්නේ?

:       11       2

rana Wednesday, 26 February 2020 05:05 AM

ඔය ගමන්ම යතුරු පදියකුත් දෙන්න දරුවෝ පාසල් වලට ගෙනියන්න.

:       85       27

උපුල Wednesday, 26 February 2020 06:30 AM

හැබැයි අර කැමරා පද්ධතිය ගලවපු, ශිෂ්‍ය සංගම් වල ඉඳගෙන අහිංසක සිසුන් කඩේ යව යවා තමාගේ හීනමවපු ආත්මාර්ථකාමී අනාගත දේශපාලන ගමන්වලට අහිංසක සිසුන් අතකොලු බවට පත් කරගත්තු විශ්ව විද්‍යාල ජීවිතයේදී කුජීත වැඩවලට සම්බන්ධවෙලා දැන් සුදු රෙදි පොරවන් රස්සා කරන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවනම් ඔවුන්ට රස්සා දීල සේවා යෝජකයන්ව අමාරුවේ දාන්නනම් එපා. කරුණාකරලා ඔය පත්වීම් දෙන්නට කලින් මොවුන්ගේ ඉතිහාසය පිලිබදව විපරමක් කරන්න. නිදහස් අධ්‍යාපනය ලබාගන්නවා මදිවට පරිපාලනයත් අතට ගන්න ඔවුන් විසින්ම ව්‍යවස්ථා හදාගෙන. පෞද්ගලික ව්‍යාපාර ස්ථාන වලට වද්දගන්න සුදුසු අයනම් නොවේ. මොකද වැඩ කළොත් පමණයි පෞද්ගලික ස්ථානවල වැටුප් ගෙවන්නැ පුළුවන්. මෙවැනි මන්ද මානසික මැරයින් නිසා රට වැටෙන එක අහන්න දෙයක් නැහැ. මොකද බොහොමයක් මෙවැන්නන් බඳවා ගැනෙන්නේත් රජයේ ආයතන වලට ම තමා. පෞද්ගලික ව්‍යාපාර ස්ථාන සමග සෙල්ලම් බැහැ. යන තැනත් පරිපාලන කටයුතු වලට ඇගිලි ගගහ අකර්ර්යක්ෂම ලෙස වැඩ කරලා ගෙදර යන්න පොත අස්සන්කරන්න පැයකට කලින් පෝලිමේ ඉන්න එක නම් දෛනිකව කරයි. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.

:       4       75

lalithm Wednesday, 26 February 2020 07:05 AM

මේ මිනිසුන් ගැන ලියන දේවල් බලන්න. රටේ උපාධිධාරීන් මේ වගේ හෑල්ලු වෙන්නේ මොකද? ඔවුන්ගේ ආකල්ප සහ උගත් විෂයයන් රටේ අවශ්‍යතාවට නොගැළපීම. අනික අඩු වැඩ සහිත රජයේ රැකියා බලා සිටීම. සංවර්ධන නිලධාරීන් කියන අයවලුන් වැඩි දෙනෙක් කරන්නේ ළමයින්ගේ සහ ගෙවල්වල කටයුතු බලා කියා ගැනීම තමා. කණගාටුව පුද්ගලික අංශයේ, විදෙස් රැකියා වල සහ ස්වයං රැකියාවල නියුක්තිකයින් ලේ කඳුළු කැපකොට උපයන දේවල් පින් බත් විදියට මේ බෙදන ආකාරය.

:       1       125

විපරමා Wednesday, 26 February 2020 09:06 AM

තවත් ඡන්ද ගුණ්ඩුවක් වගේ..

:       9       20

wedage Wednesday, 26 February 2020 10:32 AM

මෙතැනදී පත්වීම් ලිපි මුද්‍රණය කර නොමැත. කැබිනට් අනුමැතියක් ලැබුණද එය ක්‍රියාත්මක කිරීමට ලොකු කාලයක් ගතවනු ඇත.

:       0       1

sampath Wednesday, 26 February 2020 11:55 AM

ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම වැඩක් කරන්න පුළුවන්... මේ අය බඳවාගත්තට වැඩක් නැහැ... මේ තියෙන ආයතනික ව්‍යුහයන් යටතේ ආයතන ප්‍රධානීන්ට ඕනේ ඕනේ දේ කරන ආයතන ප්‍රධානිය වෙනස් වෙනකොට ප්‍රතිපත්ති උඩු යටිකුරු වෙන කුමන ආයතන ප්‍රධානියෙක් අාවත් අැටවුම් බෙහෙපු කල්ලි විසින් පාලනය කරන ආයතන පවතිද්දී මේ අයගෙන් වැඩක් ගන්න බැහැ.... වැඩක් කරන්න දෙන්නෙත් නැහැ...

:       0       2

abc Wednesday, 26 February 2020 12:59 PM

මේ දාලා තියෙන කමෙන්ට් දිහා බැලුවම මේ දෙන්න යන එක ගන්න හිතෙනවා. මම දිගමට පොළව කොටලා ජීවත් වෙනවා.

:       0       35

Ramesh Thursday, 27 February 2020 08:32 AM

ඇත්තටම අපි ඔහොම ජොබ් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මමත් උපාධි දාරියෙක්... හැබැයි ශහොම රැකියා විරහිත ලේබල් එකට අයිති නැහැ. මේක වෙලා තියෙන්නේ අපේ අය මහා කම්මැලියන් නිසා... රජයේ ජොබ් හොයන්නේ මාසේ පඩිය අරන් ජීවත් වෙන්න. නැතිව තමන්ගේ රටට, වැඩකරන ආයතනයට හොඳක් කරන්න නෙමෙයි. මේක අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක්.

:       0       1

ස්ස්ස් Friday, 28 February 2020 07:21 AM

විධිමත් පත්වීම් ලිපි දීලා තියෙන, නියමිත අනුමැතිය අරන් තියෙන, නීත්‍යානුකූල පත්වීම් තියෙන, සේවයේ යෙදී සිටින නිලධාරීන්ට වැටුප් ගෙවන්න මහ භාණ්ඩාගාරේ සල්ලි නෑ කියලා, හොර වෘත්තිය සමිති වල වුවමනාවට, රජයේ නිලධාරීන් එළියට දාලා තියෙන වෙලාවක, මේ ළමයින්ට ගෙවන්න සල්ලි කොහෙන්ද? මේකත් ඡන්ද ගුණ්ඩුවක් නේද ජනාධිපතිතුමෝ..?

:       0       0

Jehaan Saturday, 29 February 2020 04:16 AM

අපි පණ යනකම් පුද්ගලික අංශයේ වැඩකරලා ගෙවන බදු අන්තිමට යෙදවෙන්නේ ඵලක් ඇති වැඩකට නොව, රටටම බරක් වුණු පිංගුත්තර කොට්ටාශයක් නඩත්තුවටයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 636 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 164 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 79 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 629 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 540 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 187 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site