
(වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් , හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ලාහුගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොතුවිල් පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසිය.
මියගොස් ඇත්තේ අවුරුදු 55 ක් වූ හුලංනුගේ, පදිංචි කෝනාර මුදියාන්සේලාගේ විමලාවතී නැමති කාන්තාවක් බව පොලීසිය පවසයි.
ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ ගැටුමකදී ඉහත සඳහන් කාන්තාවගේ. හිසට උදැල්ලකින් පහර දී. එම කාන්තාව ඝාතනය කර ඇතැයි කියයි. මෙසේ පහර දී ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයා විසිනි.
පසුව ඔහු විසින්ම හුලංනුගේ පොලිස් මුර පොළට ගොස් පොලිසියට වෙත බාර වි ඇතැයි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd