
(නිමල් ජයරත්න)
කොළඹ සිට මඩකලපු බලා ධාවනය වූ උදය දේවි දුම්රියට වැලිකන්ද මැණික්දෙනිය දුම්රිය හරස් මාර්ගයේදී වැලි ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් රියදුරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
මෙම දුම්රිය ටිපර් රථ අනතුරෙන් ටිපර් රථයට බරපතල හානි සිදුවී ඇති අතර වැලි ටිපර් රථය දුම්රිය එන්ජිමේ හිරවී ඇති බවද පොලිසිය පවසයි.
අනතුරත් සමග දුම්රිය ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී ඇති අතර, එන්ජිමෙ සිරවී තිබෙන ටිපර් රථය වෙන්කරගැනීමට පැය කිහිපයක් ගත වනු ඇති බව ද දුම්රිය නිලධාරීහු සඳහන් කරති.
වැලිකන්ද දුම්රිය ස්ථානයේ නිලධාරියකු සඳහන් කළේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ උදයදේවී දුම්රියේ වැලි ටිපර් ගැටීමත් සමඟ ටිපර් රථ රියදුරු ලොරියෙන් පැන ජීවිතය බේරාගෙන බව ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති අනතුර සිදුවන මොහොතේ දුම්රිය ගේට්ටු ආරක්ෂක මුරකරු එම් ස්ථානයේ නොසිට ඇති බව ද අනාවරණය වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේට්ටුවේ උන්නු කෙනා බොන්න යන්න ඇති නේද?
හැමදාම වර්ජන නිසා මිනිස්සුන්ට දුම්රිය කියලා දෙයක් තියෙනවා කියලා අමතකවෙලා වත්ද?
එන්න. අපි තව තවත් ඇවිදින මංතීරු හදමු...
ගේට්ටුකරුට දඬුවමක් නැද්ද?
රාජකාරිය හරියට නොකරපු ගේට්ටු මුරකරුගෙන් සියළු අලාභහානිවලට අයකරගත යුතුයි. එහෙම කළොත් තමයි අපේ රටේ අයව හරියට හදාගන්න පුළුවන් වෙන්නේ...