(අජන්ත කුමාර අගලකඩ)

උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර ,කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14)පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට දැනුම් දී ඇත.

ඕනෑම අයකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්නැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇතැයි ද සදහන් කර ඇත .

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර ඇමතිවරයා කැබිනට් රැස්වීමේ දී කළ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමිනි .

උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් , ඔවුන් දිගින් දිගටම වර්ජන හා උද්ඝෝෂණ කරන බවට සරත් වීරසේකර ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .