(නිමන්ති රණසිංහ)

ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් මහජන පීඩාවක් හෝ කලහකාරී ලෙස හැසිරුණ හොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (18 ) කොටුව පොලිසියට නියෝග කළේය .

කොටුව පොලිසිය ඒ වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .