(ඩයනා උදයංගනී)
එළඹෙන උත්සව සමයේදී මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස්ගාස්තු අඩුකිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල බස්ගාස්තු මෙම මස 23 වැනිදා සිට අඩුකෙරෙන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මාතර සිට මීගමුව දක්වා රුපියල් 720ක් වූ බස් ගාස්තුව රුපියල් 700ක් දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වා රුපියල් 630ක් වූ බස් ගාස්තුව රුපියල් 600 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
උත්සව සමයේදී මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවන බැවින් හා මගීන් විශාල ප‍්‍රමාණයක් අධිවේගය භාවිතා කරන බැවින් මෙම පියවර ගත් බව ද මගී ප‍්‍රවාහන කොමිෂන් සභාවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මගී ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විහිළුවක්ද? රුපියල් 720 ගාස්තුව රුපියල් 700 කරලා රුපියල් 20ක් අඩුකරලා දාන්නේ මහලොකු ගාණක් අඩු කළා වගේ... ගාලු පාරේ මීගමුවට අාවා නම් රුපියල් 350ක් විතර ලාබයි.