සිතුම් චතුරංග
ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ආධාර රැගත් කොළඹ සිට ගමන් ආරම්භ කළ දුම්රිය අද (1) කිලිනොච්චිය දුම්රිය ස්ථානයට ළඟාවිය.
ආපදාවට ලක්වූවන්ට සහන ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කළ ඉල්ලීමකට අනුව ‘සුරකිමු දුම්රිය’ ව්‍යාපාරය හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙලෙස කොළඹ සිට ආධාර දුම්රිය මගින් රැගෙන එනු ලැබීය.
මෙලෙස දුම්රියෙන් රැගෙන එනු ලැබූ අධාර සුරකිමු දුම්රිය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් විසින් කිලිනොච්චිය යුද හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතා වෙත හා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරන් අරුමෙයිනායගම් මහතා වෙත බාරදෙනු ලැබීය.
මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීම සඳහා නියමිත ආධාර තොග මාන්කුලම දුම්රිය ස්ථානයේදී මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීෂ්වරම් මහත්මිය වෙත බාරදුන්නේය.
ආධාර ද්‍රව්‍ය අතර වියළි ආහාර , පානීය ජල බෝතල් හා ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවාවන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන්, සුරකිමු දුම්රිය ව්‍යාපාරයේ සාමාජිකයින් හා යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ වැඩක්. මිනිස්සු අසරණ වුන වෙලාවේ දකුණෙන් ආධාර දෙන එක පුදුමයක් නෙමෙයි. හැමදාම එහෙමයි. විග්නේශ්වරන්ට මේවා ගැන බලන්න වෙලාවක් නැහැ වගේ. වලියටමයි කතාව. සමගි වෙන්න හරිම අපහසු මිනිහෙක්.