IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරු මහඇමැතිගේ දෙමළ ජනතා සභාව නල්ලූර්හි රැස්වෙයි

 

 

රොමේෂ් මධුෂංඛ

 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සම සභාපතීත්වය දරණ දෙමළ ජනතා සභාව අද (24) යාපනය නල්ලූර් නඩරාජා පරමේෂ්වරී ශාලාවේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

උතුරු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳව දෙමළ ජනතා සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බවට එම සභාව මගින් මීට පෙර නිවේදනය කර තිබිණි.

දෙමළ ජනතා සභාව දේශපාලන පක්ෂයක් නොව එමගින් දේශපාලන කටයුතු සිදු නොකරන බවටත් එම සභාවේ රැස්වීම සඳහා ඕනෑම දේශපාලඥයකුට පක්ෂ භේදයකින් තොරව සහභාගී විය හැකි බවටත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මීට පෙර පවසා ඇත.

කෙසේ වෙතත් හෙට දිනයේ සිට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව වෙනම දේශපාලන ගමනකට සැරසෙන බවට උතුරේ බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.

 



අදහස් (1)

උතුරු මහඇමැතිගේ දෙමළ ජනතා සභාව නල්ලූර්හි රැස්වෙයි

Perera Thursday, 25 October 2018 07:48 AM

මෙතුමා විනිසුරුවරයෙක් වශයෙන් මහේස්ත්‍රාත්වරයෙක් ලෙස ගමන අරඹා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙසින් නීතිඥ වෘත්තියේ ගෞරවය ඇතුව විශ්‍රාම ගොස් දේශපාලනයට අවතීර්ණ වී නම්බුවය් ගෞරවය නැති කරගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site