(සිතුම් චතුරංග)
උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථානවල ගැටළු විසඳීම, අන්තර් ආගමික සමූහිකත්වය, සහජීවනය උතුරු පළාත තුළ ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ උතුරු පළාත් බොදු සමුළුව අද (29) වවුනියාව බෝධි දක්ෂිණාරම විහාරස්ථානයේ දී පැවැත්විණි.
කැලණිය විශ්වවිද්‍යාල කුලපති වැළමිටියාවේ කුලසධම්ම නාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හා සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් බොදු සමුළුව ආරම්භ කෙරිණි.
ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සංවිධානය කළ මෙම උතුරු පළාත් බොදු සමුළුවෙන් උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථානයන්හි පවතින ගැටළු හා සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම ප‍්‍රධාන අරමුණ වී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත උතුරු පළාත් ආණඩුකාර්යාලය, වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මාතර බෝධි ආරක්ෂක සභාවේ අනුග‍්‍රහය මත මෙම බොදු සමුළුව සංවිධානය කර තිබිණි.
වැඩසටහනට සමගාමීව යුද්ධයෙන් මියගිය සියලු ජනතාව හා රණවිරුවන් සිහිකරමින් භික්ෂූන් වහන්සේලා සඳහා දානමය වැඩසටහනක් ද පැවැත්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරේ බොදු සමුළුව ඇරඹෙයි
sudath Friday, 29 March 2019 09:22 AM
තවත් ඇස් බැන්දුමක් නොවේවා... !!!