
උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත වී තිබේ.
ඒ සමගම දකුණු කොරියාවේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වී ඇති අතර ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු යුද ගුවන් යානා අහසේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල තුනක් උතුරු කොරියානු මුහුද දෙසට එල්ල කර ඇත.උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් දකුණු කොරියානු මුහුද ආසන්නයේ පතිත වූ ප්‍රථම අවස්ථාවද මෙය යැයිද පැවසේ.එසේම දිනකදී උතුරු කොරියාව අත්හදා බැලූ වැඩිම මිසයිල සංඛ්‍යාව මෙය බවද පැවසේ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් උතුරු ක්‍රියාවේ ප්‍රකෝපකාරී ක්‍රියාවට පිළිතුරු දෙන බවට ප්‍රකාශයක් කිරීමත් සමග දකුණු කොරියානු යුද ගුවන් යානා මෙම මිසයිල ප්‍රහාරය දියත් කර ඇත.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd