IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උත්තරීතර ආයතනයේ හැසිරීමත් උත්තරීතර විය යුතුයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව නැමැති උත්තරීතර ආයතනයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් උත්තරීතර විය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමට ඉඩ නොදෙන්නැයි  තමා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ අමාත්‍යවරයාවෛරය වැපිරීමට පාර්ලිමේන්තුව යොදා නොගත යුතු බවද  සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදයේදීය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

ස්ථාවර නියෝග සඳහා සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු විනිවිදභාවයකින්  සිදුකිරීම මෙහි මූලික අරමුණයි. ඒ වගේම පාර්ලිමේන්තුව වගකීමෙන් යුතුව කටයුතු කරන බව තහවුරු  කිරිමට අවශ්‍යයි. මේ කරැණු සම්පූර්ණ වෙනකොට තමයි  ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණ මේ තුළින්  පෙන්නුම්  කෙරෙන්නේ. ස්ථාවර නියෝග අනුව අපි නොයෙකුත් කාරක සභා ඇති කරලා තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා ගැන අද වෙනදාටත් වඩා  වැඩි උනන්දුවක් ඇතිවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සක්‍රීය දායකත්වය සහ ඵලදායීතාවය තීරණය වෙන්නේ අපි මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන  ආකාරය මත  පමණක් නෙවෙයි.  පාර්ලිමේන්තුවක් සාර්ථකද නැද්ද කියලා තීන්දු වෙන්නේ තිරය පිටුපස  සිට කරන කාර්යභාරය මත. පාර්ලිමේන්තුවට ඇති මූලිකම වගකීම තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ නීති සම්මත කර ගැනීම. දෙවනුව පාර්ලිමේන්තුවට තිබෙන වගකීම තමයි රටේ ජනතාවගේ මූල්‍ය පාලනය.



අදහස් (5)

උත්තරීතර ආයතනයේ හැසිරීමත් උත්තරීතර විය යුතුයි

pradeep Wednesday, 05 October 2022 04:46 PM

ස්ථානය උත්තරීතර වුණාට ඔතැන ඉන්නේ අධමයින් පිරිසක් බව දන්නේ නැද්ද?

:       0       15

Prabha Wednesday, 05 October 2022 05:51 PM

එහෙට මෙහෙට පනින එක නතර කරලා එක ප්‍රතිපත්තියක අවුරුද්දක්වත් ඉඳලා ආදර්ශයක් දුන්නොත් නරකද?

:       0       15

විපරමා Wednesday, 05 October 2022 07:32 PM

ආයතනය උත්තරීතර වුණාට වැඩිපුරම ඉන්නේ හොර දූෂිතයින්. රටම විනාශ කරලා වළපල්ලට ඇදලා දාපු හොරු... කිසිම චාරයක් නැති, නූගත් අටවත් පාස් නැති අය...

:       0       7

Perera Wednesday, 05 October 2022 11:10 PM

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනා කිසිම උගත්කමක් නැති ,කසිප්පු කාරයෝ ,මිනී මරුවෝ ,වංචා කාරයෝ ,මාල හොරු වෙනකොට පාර්ලිමේන්තුව වැදගත් උත්තරීතර ව්නෙනේ කොහොමද?

:       0       1

Iiyanage Thursday, 06 October 2022 08:34 AM

බුද්ධිමත් විනයගරුක හැසිරීමක් නූගත් ,මෝඩ ,පොහොට්ටුවේ හොරුන්ගෙන් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site