(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි.
උණුවතුර කල්දේරමක් උස් ස්ථානයක සිට පහලට ගැනීමට උත්සාහ උත්සහ කිරීමේදී එම රැඳවියා කල්දේරම තුලට වැටී ඇත්තේ ඉකුත් 28 වැනිදා බවත්, ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයෙ (06) මියගිය බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අගුනුකොලපැලැස්ස පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් කියපුවා හරි වගේ...!
අයියෝ ඔහොම දේවල් සිද්ධ වෙනවා ,වාර කීයක් මැරිලා තියනවාද වැරදීම් වෙලා