IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින්

(ඩබ්ලිව්. ඒ. අසේල සහ ටි.එච්.සරත්)

උඩුවෙල ප්‍රාදේශීය රෝහල ඊයේ (4) සවස සිට වසා දැමූ බවට ගේට්ටුවේ දැන්වීමක් දමා එහි වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිස් දැඩි කලබලයට පත්ව සිටිති. රෝහල් අසලට රැස්වූ ගම්වාසීහු විරෝධතාවක නිරත වූහ.

මෙම රෝහලේ දන්ත වෛද්‍යවරයකු ඇතුලු වෛද්‍යවරුන හතර දෙනෙකු සේවය කරන අතර සමස්ත කාර්ය මණ්ඩලය පහලොස් දෙනකු පමණ වන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

රෝහල් වසා දමා ඇති බවට ප්‍රදේශවාසින්ට ආරංචි වීමත් සමග ඔවුන් මේ බව තලාතුඔය පොලීසියට දැනුම් දී පොලිස් නිලධාරීන් ද සමග රෝහලට ගොස් ඇති අතර එහිද එක් හෙදියක් හා තවත් සේවකයන් දෙදෙනෙකු පමණක් සිට ඇත.

උඩුවෙල ප්‍රදේශය දුෂ්කර ප්‍රදේශයක් වන අතර  රටේමුල්ල, වතුලියද්ද ගාල්තැන්න, මොණරංගල, උඩුවෙලවත්ත, පූලියද්ද සහ වැල්දබල වැනි බොහොමයක් ගම්මාන වල රෝගීන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ මෙම රෝහලට වේ.

මේ පිලිබදව සොයා බැලීම සදහා මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් එහි පැමිණි වහාම වෙනත් වෛද්‍යවරයකු අනුයුක්ත කොට රෝහලේ කටයුතු යථා පරිදි කරගෙන යාමට සැලැස්වූ අතර රෝහල් වසා දමා ගිය වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවැසීය.

 



අදහස් (6)

උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින්

de silva berlin Wednesday, 05 November 2025 02:55 PM

නිකන් බොරු කරලා වැඩක් නැහැ... ලංකාවේ විශාල වෛද්‍ය හිඟයක් තිබෙනවා. මේ ප්‍රශ්නේ නැති කරන්න නම් (1) අවම වශයෙන් ඉදිරි වසර 10 තුළ වසරකට 2000 බැගින්වත් වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාල වලට බදවා ගන්න ඕනේ... (2) එසේ කරන්න රජයට මුදල් නොමැති නම්, ලෝකේ පිළිගත් පුද්ගලික වෛද්‍ය වලට ලංකාවේ ප්‍රමිතියක් ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට රජය පහසුකම් සලසන්න ඕනේ , (3) ඒකත් කරන්න බැරි නම් අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් නමුත් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගැනීමට පහසුකම් නොමැති සිසුන්ට විදෙස් ගත වෙලා අධ්‍යාපනය ලබා ගැනීමට 1% වැනි සහන පොලියකට පසුව ගෙවීමේ පදනම මත ණය මුදලක් අධ්‍යාපනය සදහා ලබාදෙන්න ඕනේ , මේවා මුකුත්ම නොකර සිටියොත් ඉදිරියට ජනතාවගේ විශාල දෝෂ දර්ශනයකට ලක් වෙන්න රජයට සිදුවනු ඇත...

:       0       0

Ayu Bandara Wednesday, 05 November 2025 03:15 PM

මිනිස්සුත් අවුල් වගේ. සමහර පැතිවල වැඩ කරනවා කියන්නෙම සාපයක්. දොස්තරලා අඩු එකට නම් ආණ්ඩුවේ වැරැද්ද...

:       0       0

Dadly Wednesday, 05 November 2025 03:33 PM

ගෙයක් දොරක් නැතිව කිසිම පහසුකමක් නැතිව පැය 24 සේවය දෙන්න බෑ.. දුර පළාත්වලින් ඇවිත් ඉන්නේ වැඩ කරන්න. ඔවුන්ටත් ළමයි, බිරිද, නෑදෑයෝ, අම්මා, තාත්තා බලන්න යන්න ඕනෑ.. සෙනසුරාදාත් සෞක්‍ය සේවයේ සලකන්නේ සාමාන්‍ය රාජකාරි දිනයක් විදියට. කිසිම ගෙවීමක් නෑ...

:       0       0

Che Wednesday, 05 November 2025 04:17 PM

බොහෝ රෝහල්වල වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලය හිඟයි. බෙහෙත් නැත. ඉන්න අයගෙන් වහල්ලු වගේ වැඩ ගන්න එක කරන්නේ...

:       0       0

Che Thursday, 06 November 2025 06:08 AM

ඇමැතිතුමාගේ කයිවාරුව නම් සෞඛ්‍ය මධ්‍යස්ථාන 3000 ක් හදන්න. අඩු පහසුකම් හා අඩු වැටුප් යටතේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රටහැර යනවා. තියෙන ටිකවත් හදා ගන්න බැරිව කයිවාරුව දහස් ගණන් හදන්න.

:       0       1

Perera Thursday, 06 November 2025 09:20 AM

රෝගීන්ගේ සුබසිද්ධියට වැඩ කරන අර GOMA සෙට් එකේ රෝගීන්ගේ යහපතට කෙසේ වෙතත් දොස්තරව අත්අඩංගුවට ගත්තොත් නම් රෙදි උස්සගෙන එයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 175 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site