
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව අවහිර වී තිබු බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (31) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලන මැදිරිය පවසයි .
දෙමෝදර සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් ගමන් ගත් මෝටර් ට්‍රොලියක් මෙලෙස ඊයේ (30)රාත්‍රි හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී පිලීපැනීමට ලක්විය.
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් පැය කීපයක් නවතා තැබීමට සිදු වූ බව දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය පිලීගත කිරිම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් රැගත් දුම්රිය ආපදා රථයක් රාත්‍රි පැමිනි අතර , පසුව පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරිමේ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
S. E. Niroshan Monday, 01 September 2025 11:20 PM
පැයෙන් පැයට ට්‍රෙන් ධාවනය කරනවා නම් මිනිස්සුන්ට නිදහසේ ඉදගෙන ගමන් කරන්න පුලුවන්... දවසට ට්‍රෙන් 3ක් වගෙ පමණයි බදුලු බලා පිටත් වෙන්නේ.. තව ට්‍රේන් ගමන් ගත්තොත් අපිත් සතුටින්... ඔබත් සතුටින්...