
(සුගත් බද්දේගෙදර)
නිවසේ වහළය මත රැදී සිට හෙලිකොප්ටරය මගින් ගන්නා විට රන් ආභරණ සහිත මුදල් බෑගය ගං වතුරට වැටී දින 5 කට පසු අසල්වැසියකුට හමු වී ගෙනත් දීමේ උතුම් ක්‍රියාවක් සේරුවිල මාවිල්ආරු ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිදුවීමට මුහුණ දුන්නේ මාවිල් ආරුවේ සෝමපුර අංක 75 නිවසේ එස්.සුජිත් මහතාය.
ගංවතුර වැඩිවීමත් සමග ඔහු දරුවන් සහ බිරිද සමගින් මුදල් රන් ආභරණ උප්පැන්න සහතික ආදී වටිනා ලිපි ලේඛන සහිතව ඇදුම් කිහිපයක් ද සමගින් සකස් කරගත් බෑගයක් ද සහිතව නිවසේ වහලය මතට අසීරුවෙන් ගොඩ වී ඇත.
පසු දින දහවල් හෙලිකොප්ටයක් මගින් ඔවුන් මුදවා ගන්නා අවස්ථාවේදී අතෙහි වූ බෑගය ජල පහරට වැටී නොපෙනී ගොස් ඇත.
අසල්වාසියකුගේ ගෙවත්තේ වැටක පැටලී තිබූ බෑගය ඔහු විසින් අයිතිකරුට ගෙනත් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත් ක්‍රියාව කළ අයගේ නම් ගම් පල කරන්න...
ඔන්න වැදගත් මහත්තුරු. ඔහොම අසල්වැසියෝ ඉන්නවා නම් ජීවිතේට කිසි බයක් නෑ.
අනේ රනිල්ට සජිත්ට මහින්දට සිරිසේට හම්බ වුණා නම් අයිතිකාරයා හිරේ.. නැත්තං පරලොව.. ඒ තරමට සද්ගුණවත්..
අනුන්ගේ දේවල් අපිට මොකටද , ඒවා කිව්වත් යාදෙන්නේ නැහැයි කියලා හිතන අවංක ප්‍රතිපත්තිය ඇති හොඳ මිනිසෙක්. ඔහුට අපගේ ප්‍රණාමය.