(ප්‍රසාද් රුක්මල් )
කොස්ලන්ද උඩදියලුම ඇල්ල රක්ෂිතයට අනවසරෙන් ඇතුලු වී අනාරක්ෂිත ලෙස කුඩාරමක් ගසා තරුණ පෙම්වතුන් යුවලකට අනාරක්ෂිතව රැය පහන් කිරිමට ඉඩකඩ සලසා දුන් සංචාරක මග පෙන්වන්නන් ලෙස පෙනි සිටි තරුණයන් දෙදෙනකු මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ.ජීවරානි මහත්මිය නියෝග කළාය .
හපුතලේ පිටරත්මලේවත්ත පදිංචි සවුන්දරාජ් විමලේන්ද්‍ර් (24) සහ පූනාගල 3 වන කොටස වයිල්මුඩුක්කුව පදිංචි රාමසාමි මනෝහරන් (33) යන දෙදෙනා මෙලෙස රිමාන්ඩ් කෙරිණි..
මෙම සිදුවීමෙන් මිය ගියේ පෞද්ගලික රෝහලක හෙදියක ලෙස පුහුණුව ලැබූ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්මාචාරිගේ තරුශී කවිශා (23) නැමැති තරුණියයි.
ඇගේ පෙම්වතා අලි පහරින් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.ඔහු කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සමාගමක අලෙවි ප්‍රවර්ධන නිළධාරියකු ලෙස සේවය කරන 22 හැවිරිදි තරුණයෙකි.
බලපත්‍ර නොමැතිව සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කල දෙදෙනා කොස්ලන්ද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (13 ) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කෙරෙිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩදියළුමේ පෙම්වතුන්ට නවාතැන් දුන් ගයිඩ්ලා රිමාන්ඩ්
Samen Sigera Sunday, 14 May 2023 10:43 AM
රිමාන්ඩ් කළේ දෙමළ හින්දා වෙන්න ඇති... නැතිනම් ඕක කරන්න පොළඹවපු පෙම්වතානේ හිරේ දාන්න ඕනේ...
IroshMonday, 15 May 2023 03:17 PM
අනේ මන්දා, ඔබලා වගේ ගොඩේ බයියෝ නිසා තමයි රටක් හදන්න බැරි. මුලින් නීතිය ඉගෙන ගෙන ඉන්න.
fairoos Sunday, 14 May 2023 03:09 PM
මෙයාලා තොත්ත බබාලා වෙන්න ඇති...
IroshMonday, 15 May 2023 03:18 PM
ඇයි ඔබ වගේ ගෙම්බන් කියලා හිතුවාද හැම එකාම... නොදන්න දේවල් නොකියා ඉන්න...
යු රංජිත් Monday, 15 May 2023 06:22 PM
මග පෙන්නූ අයගේ නෙවෙයි වරද... අහිංසක කෙල්ලෙක් අරන් නොහොබිනාකමේ ගිය කෙනාගේ වරද... කෙල්ලත් ඉතින් වැරැදියි... ආදරේ කරන කෙනා ආදරෙයි නම් ඇත්තටම ඔහොම තැන්වලට එක්කන් යන්නේ නෑ කියලා තේරුම් ගන්න ශක්තියක් නැති වුණාම ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. අපේ කෙල්ලන් හරි මෝඩයි. ආදරේ කරන්න ගිහින් මැරෙන්නේම ගොං කෙල්ලෝමයි... කාට කියන්නද මේවා අහලා දැකලාවත් මොවුන් හැදෙන්නේ නෑ.. කරුමේ ලොකුයිනේ ඊටත් වඩා මෝඩයි.