
(ජේ. ඒ. එල්. ජයසිංහ)
උඩදුම්බර මැතිවරණ කොට්ඨාශයේ නායෑමෙන් අවතැන්ව සිටින ගංගොඩ ජනතාවට ආහාර ,පානීය ජලය ,බෙහෙත් ළදරු කිරිපිටි සනීපාරක්ෂක ද්‍රව්‍ය සීතලට භාවිතා කරන ඇඳුම් ,පැනඩෝල් සිද්ධාලේප අවශ්‍ය වී ඇතැයි කියති.
එම අවතැන් ජනතාව දැනට කළුන්තැන්න රජයේ විදුහලේ සහ බෝපාන විහාරස්ථානයේ ආරක්ෂිතව නවාතැන් ගෙන සිටින බවත් ,එම ජනතාව පවසති.
මෙම අවතැන් ජනතාවට සහන සලසන්නට කඩිනම් පියවර ගන්නැයි ඔවුන්ගේ සමීප හිතවතුන් විද්‍යුත් සන්නිවේදන මාර්ග ඔස්සේ ඉල්ලීම් කරති.
මී මුරේ ,කොබෝනිල්ල , ලූල්වත්ත , කන්දේගම , සහ හෙයාර්පාක් යන ගම්මාන වලට දින 4ක් තිස්සේ විදුලිය සැපයීම අඩපණ වී ,ඇති බවත් කිසිදු රාජ්‍ය නිලධාරියෙක් ,හමුදාව ,පොලීසිය හෝ සහන සේවා සැපයීමට කිසිදු කණ්ඩායමක් නොපැමිණි බවත් ,එම ගම්මාන වල වැසියන් පැවසූහ.
ඇතැමුන් සැතපුම් තිහක් හතළිහක් පමණ පා ගමනින් තෙල්දෙණිය නගරයට පැමිණ , එම ගම්මාව වල අවතැන් ජනතාවට කිසිදු රාජ්‍ය අංශයකින් සහන සපයා නැති බව මාධ්‍ය හමුවේ පැවසූහ.
ප්‍රාදේශීය ලේකම් ,පොලීසිය ග්‍රාම නිලධාරි වරයා ආදී රාජ්‍ය නිලධාරියකුට හදීසි සේවා දුරකතන පණිවුඩයක් හෝ ලබා දීමට ඔවුන්ගේ ජංගම දුරකතන ක්‍රියාත්මක නොවන බවද නායයෑම් සිදූවූ ගම්මාන වල අවතැන් ජනතාව පැවසූහ.
මෙම පෙදෙස්වලට ළඟා වීම සඳහා මහනුවර තෙල්දෙණිය මැදමහනවර හුන්නස්ගිරිය හරහා වාහනයක් හෝ ධාවනය කරවීමට නොහැකි ලෙස පස්කඳු ගල්පර්වත කඩා වැටී මාර්ග අවහිරතා ඇතිවී තිබෙන බවත් එම බාධක මේ වන විට පොලීසිය හමුදාව සහ අදාළ අංශ එක්ව ඉවත් කිරීම වැසි සහ ගල් කඩාවැටීම් මැද සිදුකර ගෙන යන බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා බලධාරින් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය දුරකතන බාධා නිසා අසාර්ථක විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd