
(ගයාන් සූරියආරච්චි)
මිනුවන්ගොඩ අලුතැපොළ ප්‍ර දේශයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක හැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටුවැල්ලේගම ප්‍ර දේශයේ පදිංචි ධනුෂ්ක දේවින්ද පෙරේරා නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මිනුවන්ගොඩ අලුතැපොළ වලගම්බා විදුහල් ක්‍රීඩා පිටියේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් ඉකුත් දා පැවැත තිබූ අතර එහිදී උඩපන්දුවක් රැකීමට යාමේදී මියගිය පුද්ගලයා සහ තවත් ක්‍රීඩකයකු එකිනෙකා ගැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් උඩ පන්දුවක් රකින්න යන ක්‍රිඩකයා මම බෝලය අල්ලනවා කියලා හඬ නගා එම උඩ පන්දුවම අල්ලන්නට එන අනෙක් ක්‍රිඩකයන්ව දැනුවත් කළ යුතුයි... එතකොට මෙවැනි අනතුරු හෝ ගැටීම් වළක්වා ගන්න පුළුවන් වෙයි.. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මේ මලගම සිදුකළ යුතුයි.