IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ හදිසි යුද තත්ත්වයක්

හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල රජය, හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ, ඊශ්‍රායලය ඔවුන්ගේ අතිරේක හමුදා බලඇණියට සම්බන්ධ සෙබළුන් ලක්ෂයක පිරිසක් ද සටනට යෙදවීම තීරණය ඇතැයි ද පැවැසෙයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල වැසියන් අමතමින් පවසා ඇත්තේ, දීර්ඝ කාලීන යුද්ධයකට සූදානම් වන ලෙසය.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මේ වනවිට මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 700 ඉක්මවීය. මියගිය පිරිස අතරේ ඇමෙරිකාවුවන් ඇතුළු විදේශිකයෝ ද වෙති.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් ගණන 100 ක් බව පැවැසෙයි. ඊශ්‍රායල සොල්දාදුවන්, කුඩා දරුවන් සහ කාන්තාවන් ද ප්‍රාණ ඇපයට ගත් පිරිස අතරේ සිටින බව පැවැසෙයි.

ගාසා තීරයට දිගින් දිගටම එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 400 කි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය ගන්නා තීන්දු තීරණවලදී තමන්ගේ සහාය ඔහුට හිමිවන බව ඊශ්‍රායල විපක්ෂ නායකයන් බොහෝ දෙනකු පවසා ඇත. මෙම නව අර්බුදය හමුවේ තාවකාලික එකමුතු රජයක් පිහිටුවීමට ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින්, ඊශ්‍රායලයට සහාය දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නෞකා කීපයක් ඊශ්‍රායලය අසල මධ්‍යධරණී මුහුදට සේන්දු වූ බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ඊට අමතරව, යුදෝපාකරණ සහ පතුරම් ද ඊශ්‍රායලයට ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. සියයකට වැඩි හමාස් සටන්කාමීන් පිරිසක් ගාසා තීරය හරහා දකුණුදිග ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙන්න වූයේ පසුගිය 7 වැනිදා අලුයම කාලයේ සිටය.  එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් පුරවැසියන් කීප දෙනකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. ​

මේ නවිටත්, ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ ඊශ්‍රායල නගර කීපයක දරුණු අවි ගැටුම් පැවැති බව වාර්තා විය. ගැටුම් ඇවිලෙන්නේ කිබ්බුට්ස්, අෂකෙලෝන් සහ ස්ඩෙරෝත් යන නගරවලය.

ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතරේ යහපත් සබඳතා වර්ධනය වීම හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමට හේතුවක් වූ බව ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පැහැදිලි කර තිබේ.

වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර පවතින අර්බුදයේ දී පලස්තීන මුස්ලිම් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මැදපෙරදිග රාජ්‍යය සෞදියයි. යුදෙව් ඊශ්‍රායලය සහ සෞදිය අතරේ යහපත් සබඳතා වර්ධනයක් වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඊට ඉරානයේ ද දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් නව අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්විණි. හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ හටගත් ගැටුම් වහා නැවැත්විය යුතු බව රුසියාව ද ඉල්ලීමක් කර තිබේ.

(අල් ජසීරා)

 



අදහස් (3)

ඊශ්‍රායලයේ හදිසි යුද තත්ත්වයක්

මැක්ස් Monday, 09 October 2023 02:38 PM

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය ගන්නා තීන්දු, තීරණවලදී තමන්ගේ සහාය ඔහුට හිමිවන බව ඊශ්‍රායල විපක්ෂ නායකයින් බොහෝ දෙනෙකු පවසා ඇත. ඒකටත් එක්ක ලංකාවේ විපක්ෂේ ඉන්න අය! එල්ටීටී යුද්දේ වෙලාවේ ආණ්ඩු පෙරලන්න ජෙවිපීකාරයින් උත්සාහ කළා. යන්තන් කරූලා ඇවිල්ලා වැඩේ ගොඩදාලා දුන්නා. චැනල් 4 අභූත චෝදනා ආවාම ඒකෙනුත් ඔවුන්ගේ පැත්ත ගන්න අපේ විපක්ෂය පොර කෑවා. සජබේ ඉන්න කසිප්පු මුදලාලි කෙනෙකුයි, තව කෙනෙකුයි ඊයේ පෙරේදා රටට විරුද්ධව ගතු කියන්න ජිනීවා ගිහින් ඔවුන්ගේ තියන බේබදු ගතිය නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඔන්න අපේ විපක්ෂයේ හැටි...!

:       17       86

Shashika519 Monday, 09 October 2023 06:44 PM

ලංකාවේ විපක්ෂේ එවුන් සාම ගිවිසුම ගහලා හමුදාවේ සිය ගණනක් මරන්න ඉඩ දුන්නා. ආණ්ඩු බලය ගන්න පාස්කු බෝම්බ ගැහුවා. ත්‍රස්තවාදීන් සතු මුදල්, රත්තරං තමන්ගේ සාක්කුවට දා ගත්තා...

:       22       24

Kumar Tuesday, 10 October 2023 12:15 AM

ඊශ්‍රායලයට එරෙහි මෙම ප්‍රහාරය මරණයට හා විනාශයට තුඩු දෙන වෙනත් ගැටුමකින් අවධානය වෙනතකට යොමු කළ හැකිය. ඊශ්‍රායලය විනාශ කළ හැකි බලවේගයක් අසල ඇතැයි මම විශ්වාස නොකරමි.

:       16       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2041 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site