
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර අැත
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25)ප්‍රකාශ කළේය.
සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයෙකුට අන්තර්ජාල සේවාවන් හෝ ජංගම දුරකතන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වල තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු පද්ධතිය 2000 වර්ෂයේදී පමණ සංවර්ධනය ආරම්භ කර ඇති හෙයින් වර්තමාන හා අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය වී නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුවට වෙන් වෙන් වශයෙන් අැති දත්ත පද්ධති දෙක හේතුවෙන් විවිධ දුෂ්කරතා මතුවීමෙන් එම පද්ධති දෙක එක්කර මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
මෙලෙස හඳුන්වාදෙන නව ඩිජිටල්කරණ පද්ධතිය මුලික කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද අනිල් ජයන්ත මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd