(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ඊ.ටී.එෆ්) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයට විරුද්ධවීමට අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
එම තීරණය මහාභාණ්ඩාගාරයට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා එම බදු මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම අර්ථ නිරූපණය වැරදි හෙයින් එය නිවැරදි කළ යුතු බවද මේ සම්බන්ධයෙන් වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්නම් එය වෙනම විවාද කළ යුතු කාරණයක් බවද ඔහු පැවසුවේය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලින් මෙලෙස බදු අය කිරීමට විරුද්ධ වන බවයි.
ට්‍රිලියන 3ක මූල්‍යමය වටිනාකම් සහිත මෙම අරමුදල්වල ලාභයවූ බිලියන 250 ට සියයට 5 බැගින් බදු ගසා බිලියන 65ක මුදලක් තම ගෝලබාලයන්ට වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් මෙලෙස පික්පොකට් ගැසීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ඔහු පැවසුවේය.
සුරතලුන්ගේ ව්‍යාපෘතිවලට මෙලෙස ජනතාවගේ මුදල් ලබාදීම මහ දවල් සිදුවන මහ මංකොල්ලයක් බවට විපක්ෂනායකවරයා චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව නම් හත්පොළේ අනාගෙන ඉවරයි. ඒත් වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ...
"සුරතලුන්ගේ ව්‍යාපෘතිවලට මෙලෙස ජනතාවගේ මුදල් ලබාදීම මහදවල් සිදුවන මහ මංකොල්ලයක් බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය." එතකොට මහබැංකු මංකොල්ලේ? මිස්ට ක්ලීන්, මලික්, අර්ජුන්, ඇලෝෂියස් මේ අය කොහෙන් හිනාවෙනවා ඇතිද? එතකොට මේ කට්ටියට දඬුවම් දීලා ඒ මහා මුදල් සම්භාරය ආපහු අයකර ගන්න කියලා මේ ආණ්ඩුව පත්කරපු අපි... අයියෝ තනි ඇහැට ඇඬෙනවා හලෝ...!
ඇති යාන්තම්... කොන්දක් තියෙන එකෙක් හරි රජයේත් ඉන්නවා. අර්ථසාධකයට අත තියලා බලන්නකෝ... කොහෙන්ද කෙළවර වෙන්නේ කියලා..? අර සල්ලි හොරකම් කරන්නම බලන් ඉන්න පවුලේ උදවියට පොඩ්ඩක් මේ වගේ බරපතලකම කියලා දෙන්න නිමල් සිරිපාල මහත්තයා. අඩුගානේ ඊළඟ ඡන්දෙදී බදුල්ලෙන් ගෙදර යන්න වෙන්නේ නැතිව ඉන්න.
මේ බද්ද නියම කලේ ආදායම් බදු දෙපාරත්මෙන්තුවෙන්. ආයතනයක් හෝ ව්‍යාපාරයකින් ලබන ලබන අදායමට බදු ගැසීම බදු නියම කිරීම ආදායම් බදු දෙපාරත්මෙන්තුවට අයිති රාජකාරියයි. ඒ බදු මුදල් යන්නේ රජුගේ හෝ රජයේ භාන්ඩාගාරයටයි. අර්ථසාදක මුදල යොදවා උපයන ලාබය ඒ මුදල් සංචිතියට එකතුවෙනවා මිස අර්ථසාදක මුදල ලබන පුදගලයාට නියමිත මුදලට වඩා ලැබෙන්නේ නැත. ආදායම් බදු දෙපාරත්මෙන්තුව තම කාරිය ඉටුකර ඇත. බද්ද ඉවත් කරනවානම් එය ජනාධිපති සමාව දෙනවා වැනි ක්‍රීයාව හා සමානය. එක වෙනම කතාවකි. මේ බදු මුදලින් සිදුවෙන්නේ ජනතාවට බදු බරක් නොදී රජයේ වියදම් සඳහා මුදල් එකතු කිරීමයි. ජනතාව තමන්ට කිසිම පාඩුවක් අලාබයක් නොවන මේ බද්ද ඉවත් කරන්න කියනවානම් රජය මේ බද්ද ඉවත් කර ජනතාවට දැනෙන බද්දක් නියම කිරීම කාලෝචිතය. මේගැන අත් පත්‍රිකා පාරෙයන මිනිසුන්ට බෙදලා වැඩක් තිබෙනවාද? රතු ඉරේ වාදයක් පවත්වන්න.