(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත් විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය ට දැනුට දැනුම් දෙනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය විසිනි.
මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ අද (02) යළි සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය.
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් 23 වැනිදා මෙම පෙත්සම ගොනු කරනු ලැබිණි.
එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාව ගේ සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝගයක් කරන ලෙසද පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම පෙත්සමෙන් ඉල්ලාඇත .
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබේ.
2025 නොවැම්බර් මස 04
547
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1693
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිබාර පනතින් ඉවතට ?