(රංජන් කස්තුරි)
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඉහළ තනතුරුවලට පත්කිරීමේදී අමාත්‍යාංශයක අතිරේක ලේකම් මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර ඒ පිළිබඳව තමාට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක්රෙල්ඛයක සඳහන් වේ.
සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමේදී කිසිදු දේශපාලනික පක්ෂ පාතීත්වයක් නොලැබෙන අයුරින් ක්‍රියාකරන්නැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආප්ප කෑවහම ඕවා අමතක වෙලා යයි.
ඇයි මේ විශ්‍රාම ගිය අය නැවත පත්කරන්නේ ? 60 දී විශ්‍රාම ගන්න නොදී තවත් කාලය දික් කිරීමෙන් කනිෂ්ට SLAS නිලධාරීන්ට ඉහල තනතුරු ලබාගෙන රටට වැඩක් කරන්න තියෙන ඉඩප්රස්ථාව නැති කරන්න එපා.
ජ්‍යෙෂ්ඨත්වයට වඩා හැකියාවට, නායකත්වයට තැන දෙන්න ඕන කාලයක් මේක .
ජ්‍යෙෂ්ඨයන් නෙවෙයි රටට වැඩක් ඇති , අවංක ,කාර්යක්ෂම නිලධාරින් පත් කරන්න. අපිට පාර්ලිමන්ට් ජෝක්ස් පෙන්නුවා මදිවාට දැන් සංස්ථා ජෝක්ස් බලන්න කියලාද කියන්නේ ? මේ රට නැත්තටම නැති වෙන්න යන්නේ .
ඉතින් කවුද කියන්නේ යහපාලනේ බොරුවක් කියල. පේනවනේ. ගිලෙන්න යන මොහොතේ වුණත් අපි කෙලින් වැඩ කියල.
දොස්තරලටත් මොනවා හරි දෙන්න, දැන් එයාල ඉස්සරවගේ නෙමේ, නිහඬයි.......
වැඩට සුදුසුද කියා බලන්න උවමනා නැද්ද? එහෙම උනානම් යුද්දේ දිනන්න බැහැ නේද?
ජ්‍යෙෂ්ඨතත්වයට නෙමෙයි දක්ෂයට තැන දෙන්න ඕනේ. සේවා කාලයෙන් වැඩක් නැහැ හැකියාව නැතිනම්.
ඔබ විසින් පත්කළ අර දැව සංස්ථාවේ සභාපති වගේද? ලැජ්ජයි, මුල්‍ය චෝදනා සම්බන්ධව නඩු දෙකක් තියන, ජවිපය අයින්කළ චරිතයක් මෙතුමා පත් කළානේ...