(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 72 වැනි සංවත්සරයට නිමිත්තෙන් ඉස්ලාම් ආගමික කටයුතුවලට අනුව ධජවලට සෙත් පැතීම කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් පල්ලියේදී අද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කනිෂ්ට නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සහභාගී විය.

ශ්‍රි ලංකා යුද හමුදා ධජය, ස්වේච්ඡා බලකා ධජය, සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන ධජ, ඉදිරි නඩත්තු ප්‍රදේශ ධජ, සේනාංක ධජ සහ රෙජිමේන්තු ධජයන්ට සෙත් පැතීම මෙහිදි සිදු කරන ලදී.