(බී.ජී.චතුරංග)

මෙරට කාන්තාවන් 60 දෙනකු පමණ ඩුබායි රාජ්‍ය්‍යයේ අජ්මාන් නගරයේ රහසිගත නිවාසයක රඳවාගෙන ගෘහ සේවයට යවා මුදල් උපයාගන්නා ජාවාරමක් තිබෙන බවට ඊට හසුවූ කාන්තාවන් පිරිසක් හඬපට මගින් මෙරට ඥාතීන්ට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකික කාන්තාවන් තිදෙනකු එම නිවාසය බාරව කටයුතු කරන අතර ඔවුන් ඩුබාහි නිවාසවලට කතාකර කාන්තාවන් දින කීපයකට ඒවායේ ගෘහ සේවයට යවන අතර ඒ සඳහා ලැබෙන මුදල්ද ජාවාරම්කාර කාන්තාවන් විසින් ගනු ලබන බව ද එම කාන්තාවන් හඬපටවලින් ප්‍රකාශ කර ඇත.

දින පහකට හෝ සතියකට ආදී වශයෙන් ගෘහ සේවයට යොදවන කාන්තාවන්ට එම නිවෙස්හිමියන් කෑම බීම පවා නොදී දිනකට පැය 18ක පමණ කාලයක් වැඩ ගන්නා බව ද එහෙත් ඔවුන්ට කිසිදු මුදලක් නොලැබෙන  බව ද ඔවුන් හඬපට ඔස්සේ ප්‍රකාශ කර ඇත.

අනුරාධපුර, කුරුණෑගල ආදි ප්‍රදේශවල කාන්තාවන් මෙම ජාවාරමේ සිරකාරියන්ව සිටින බවත් ඒ අතර වයස අවුරුදු 60ක මව්වරුන් දෙදෙනකු ද සිටින බවත් ඔවුන ප්‍රකාශ කර ඇත.