
(විමුක්ති එස් රුද්‍රිගු)
දින 5 ක කාලයක් ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති සැපයුම් මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්රහාරයන් සම්පූර්ණයෙන් නතර කර දමන ලෙස ඇමෙරිකානු යුද අමාත්‍යාංශය දැනුම් දුන් බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අද (23) ප්‍රකාශ කළේය.
මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්වය අවසන් කිරීම සඳහා පසුගිය සති අන්තයේ දින දෙක පුරාවට ඉතාමත් ඵලදායී, හොඳ සාකච්ඡාවක් ඉරානය සහ ඇමෙරිකාව පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දැනුම්දීම සිදුකළ බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසුවේය. ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා මෙම සතිය පුරාවට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සතියේ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය අනුව එම කාලය දීර්ඝ කිරීම පිළිබඳව සිතා බලන බවද ජනපති ට්‍රම්ප් පැවැසුවේය. හෝමුස් සමුද්‍ර සන්ධිය පැය 48 ක් තුළ සම්පූර්ණයෙන් විවෘත නොකළහොත් ඉරානයේ සියලුම විදුලි බලාගාර විනාශ කර දමන බවට ජනපති ට්‍රම්ප් පසුගියදා 21 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර එය මෙම සතියේ අවසන් වීමට නියමිතව තිබිණි.
ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති සැපයුම් මධ්‍යස්ථානවල පහරදීම දින 5 ක කාලයක් නතරකර දමන බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 13 කින් ඇමෙරිකානු ඩොලර් 96 දක්වා පහළ ගියේය. එසේම එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල කොටස් වෙළෙඳපොළ ගනුදෙනුද ඒ සමග ඉහළ ගොස් තිබුණේය.
දින 24 ක් පුරා පැවැති යුද්ධයෙන් ඉරාන වැසියන් 1,444 දෙනකු මියගොස් තිබූ අතර තවත් ඉරාන වැසියන් 18,551 ක් තුවාල ලැබුවේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක 7000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, ඒක නම් හොදයි... දිගටම සාමයෙන් ඉන්න... යුද්ධය වැඩක් නැහැ..
වයසක මිනිස්සු දෙදෙනෙක් හින්දා ලෝකෙට වුණු අහේනිය... කියලා වැඩක් නැහැ. දැන්වත් නවත්වන්න.
ට්‍රම්ප් සීයා හරියට මඩෙහි හිටවපු ඉන්නක් වගේ එහාට වැනෙනවා, මෙහාට වැනෙනවා... අද එකක් කියලා, හෙට අනිද්දා ඒක වෙනස් කරලා වෙනත් කතාවක් දෙසා බාන්න මාර පොරක් !!! අපිත් බලා ඉන්නවා හොමූස් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාවට මැද පෙරදිගින් ඉන්ධන නෞකා අපේ රටට එනකම්, අපේ ඉන්ධන හල් පිරී, තෙල් පොලිම් අවසන්වී, විපක්ෂයේ අදොනාවන් අවසන් වනතුරු...