ඇමෙරිකා ඉරාන සටන් විරාමය ‘දිවි සුරැකුම් යන්ත්‍රයකට’ සම්බන්ධ කර තිබෙනවා වැනි යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවැසුවේ, එම සටන් විරාමය ඕනෑම මොහොතක දරුණු යුද්ධයක් දක්වා වෙනස් විය හැකි බව සිහිපත් කරමිණි.

ඇමෙරිකාව ඉරානයටත්, ඉරානය පෙරළා ඇමෙරිකාවටත් සාම යෝජනා ඉදිරිපත් කර ඇති නමුත්, දෙපාර්ශ්වයම ඊට කැමැත්ත පළ කර නැත. අවසන් වශයෙන් ඉරානය ඉදිරිපත් කළ යෝජනාව ‘කිසිසේත් පිළිගත නොහැකියි’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.