
ඉරානය, අසල්වැසි මැදපෙරදිග රටවලට පහර දෙන්නේ එම රටවල ඇති ඇමරිකන් ඉලක්කවලටය. ඉරාන මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා හේතුවෙන් එම රටවල සිවිල් වැසියන්ගේ ජීවිතවලට ද හානි සිදුවී ඇත. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියැන් ද මේ ගැන අසල්වැසි රටවලට කනගාටුව පළ කර තිබේ.
“අපට ඔබ එක්ක තරහක් නැහැ. ගැටලුවක් නැහැ. ගැටුමක් නැහැ. අප පහර දෙන්නේ ඇමරිකන් ඉලක්කවලට. ඇමරිකාවට අපට පහර දෙද්දී අප ඔබේ රටවල ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙනවා. ඒක ඔබ හොඳින්ම දන්නවා. අපට පහර දුන්නොත් එහෙම දෙයක් වේවි අප ඔබට අනතුරු ඇඟවීමක් කළා. ඒක මුළු ලෝකයම දන්නවා. ඉතිං අපට කරන්න දෙයක් නැහැ. සිවිල් ජීවිත හානි ගැන අප කනගාටු වෙනවා” යැයි ඉරාන ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd