(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.
ඊශ්‍රායලයේ විශාලතම නගර දෙක වන ජෙරුසලම සහ ටෙල් අවිව් හි අනතුරු ඇඟවීමේ නලා ඊයේ(13) රාත්‍රියේ සහ අද(14) අලුයම නාද වී තිබූ අතර ඉරානය ඊශ්‍රායලය ප්‍රදේශ කීපයකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි. ඉරානය බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊශ්‍රායලයට එල්ල කළ බවත් ඉන් බොහොමයක් බිම දැමීමට ඇමෙරිකානු හමුදාව සහාය වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
එම ප්‍රහාර මාලාවෙන් ටෙල් අවිව් සහ ජෙරුසලම නගරවල පිපිරීම් හටගත් බවත් ඉන් ඊශ්‍රායල ජාතිකයන් 2 දෙදෙනකු මියගොස් තවත් 60 ක් පමණ තුවාල ලැබූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතළ බවත් ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
එසේම ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශ ගොඩනැගිලිවල ඊශ්‍රායල වැසියන් සිරවී සිටින බවත් ඔවුන් මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් ක්‍රියාත්මක බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
මෙම ලිපිය ලියන මොහොතේද ඊශ්‍රායලයේ අරාවා පළාතේ අනතුරු ඇඟවීමේ නලා නාද වී තිබූ අතර ඊට හේතුව වී තිබුනේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමය.
ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරමින් අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායලයට සහාය දෙන රටවලටද ඉරානය ප්‍රහාර එල්ල කරන බවටය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය ප්‍රමුඛ කරගත් ඉස්ලාම් අන්තවාදී-ත්‍රස්තවාදය ද මෙයින් වඳ වී යනු ඇතැයි සිතමු...! ත්‍රස්ථවාදයට ගොදුරු වූ රටක් ලෙස, ලොව ඕනෑම රටක ත්‍රස්තවාදය හෙලා දකිමු! - යුදෙව්වන්ට ජය වේවා...!
මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධයක් එපා. නොමිනිසුන්ට එය වැටහෙන විට... බොහෝ දේ සිදුවී හමාරය.
කමේනි පිස්සා එන්න කලින් ඉරානය ඊශ්‍රායලයේ මිතුරෙක්, කමෙනි ආවාම ඒ ප්‍රතිපත්තිය 180 හැරුණා.
විශේෂයෙන් ආගමික අන්තවාදී සහ ත්‍රස්තවාදී ව්‍යාපාර වලට සහාය දෙන රටවල් න්‍යෂ්ටික බලය ලබාගැනීම ලෝකෙටම තර්ජනයක්. ඒත් ලෝකෙ ස්වාධීන රටක් ඇතුලට එහෙම තනිකැමැත්තට ගහන්න පුළුවන්ද? ලෝකෙ අනෙක් බලවතුන් හා ජගත් සංවිධාන මේ ගැන කියන්නෙ මොකක්ද? රටක් බිත්තියට හේත්තු කරලා, වටකරලා ගහනකොට ඔවුන්ට මරාගෙන මැරෙන්න වුණත් හිතෙන වෙලාවක් එනවා. ඊශ්‍රායලය රඟන්නේ අමෙරිකාවේ හයිය අරගෙන. ඇමෙරිකාව නැත්නම් මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන තව චණ්ඩිකම් පානවා...
යුද්ධයෙන් දිනූ කිසිවෙක් මේ මිහිමත නැත. යුද්ධය මහින් සිදුවන්නේම අහිමි වීම්ය. සියළු සතුන් අතරින් ශ්‍රේෂ්ඨයා තමන් යැයි කියා ගන්නා මිනිසාගේ සහ තිරිසන් සත්වයාගේ ඇති වෙනස කුමක්ද මේ අයුරින් එකිනෙකා මරා ගන්නවා නම්? යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැති සිවිල් වැසියන්, යුද්ධයක් යනු කුමක්දැයි කියාවත් නොදන්නා ළදරුවන් මේ ලෙසින් මරා දැමීම යුක්ති සහගතද? යුදෙව්වන් වේවා, ඉස්ලාමුන් වේවා මිනිසුන් මිනිසුන්මය, දරුවන් දරුවන්මය...
සමහරු යුදෙව්වන්ට ජය පතනවා. සමහරවිට ඔය දීලා තියෙන රස්සාවල් නිසා වෙන්නැති. ඒත් ඉරානය අපිට ඊට වඩා ගොඩක් උදව් කරලා තියෙන දැනටත් කරන රටක්. අපේ තේ හොඳ මිලකට ගන්නවා. උමා ඔය වගේ දේවල් දිගු කාලින සහන මත ලබා දෙනවා. UN එකේදී අපිට පක්ෂව බය නැතිව අත උස්සනවා. ඊශ්‍රායලය කවදාවත් එහෙම කලාද නැහැනේ. ඒ නිසා අපි මෝඩ වෙලා ඒක පාරටම ඉරානයට අරියාදු කරන්න නරකයි. අඩුම ගානේ කට පියාගෙන වත් ඉන්න දැන ගත්තොත් හොඳයි.
ආගමක් අදහන්නේ නැති මිනිසුන් සමාජයක් අනෙක් අයගේ ආගමික විශ්වාස එකතුව ආගමික අන්තවාදයක් ලෙස දකිනවා.