(නිමල කොඩිතුවක්කු)
ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී පැවැසීය.
ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සඳහා දහම් පාසල් සහතිකය මගින් ලකුණු හිමි වන පරිදි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකර ඇති බව පැවසූ ජයවික්‍රම පෙරේරා මහතා ඒ අනුව ඉහත විභාගයන් සඳහා ලකුණු 10 බැගින් ප්රදානය කරන බවද සඳහන් කළේය.
ඉරිදා දිනවල පස්වරු දෙක දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි මතක්වුණු එක හොඳයි.... පෝය දවසේ සම්පූර්ණ දවසම ඉරිදා සම්පූර්නම දවස සියලුම පන්ති තහනම් කළා නම් හරි..
කිරීමට හැකිනම් හොද අදහසක්. කීදෙනෙක් මෙයට විරද්ධ වෙනවද බලන්නත් ආසයි අපිට.
අද කව්රුවත් දන්නා දෙයක් නම්, සිසුන් තරග විභාග වලදී ඉහල ලකුණු ලබා ගන්නේ ටියුෂන් පන්ති වලට යාමෙන් මිසක්, පාසල් වල ඉගැන්වීමේ ඇති ආශ්චර්යයක් නිසා නොවන බව. එබැවින් ඉරිදා, පොයදා ටියුෂන් පන්ති නැවතීමෙන් සිදුවන්නේ අන් දිනවල ටියුෂන් පන්ති පවත්වන පැය ගණන වැඩිවීමක් පමණි. අවසානයේ මෙයින් සිදුවන්නේ සිසුන්හට රෑ 9.00 වනතුරු ටියුෂන් පන්තිවල රැදී සිටීමෙන් තවත් බර පැටවීමයි. එබැවින්, මා සිතන්නේ ටියුෂන් පන්ති පැවැත්වීමේ තහනමක් අවශ්‍ය නොවන බවයි.
සිකුරාදා ඉරිදා පමණක් පන්ති පැවැත්වීම තහනම් කලොත් අගනේය අනෙක ආගම අදහන ළමෝ සිකුරාදා ඉරිදා ඉතා වැදගත් ලෙස සලකනවා
ටියුෂන් පන්ති 50% විතර තියෙන්නේ පන්සලෙනේ
මිරිස් කුඩු ගහන්නම ඕනි මොලේ පෑදෙන්න.
ළමයි ලෑස්ති වෙන්න ඉස්කෝලේ ඇරිලා රෑ 10 වෙනකම් ටියුෂන් යන්න.
ඉතාමත් හොඳ පියවරක්.
ඔන්න වැඩ පටන් අරගෙන. 2020 දී රැස්වීම් වල කියන්න දේවල් දැන් තිබෙනවා. දැන් මිරිස්කුඩු ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි 2020දි ගහන්නේ රටේ ජනතාව මතුරපු දුම්මල.
දැන් මේක කලාම හැමදෙනාම ඉරිදා - පොයදා පන්සල් පල්ලි යාවි කියලද හිතාගෙන ඉන්නේ?
මමත් දහම් පාසල් ගුරුවරයෙක් අපේ දහම් පාසලෙන් කොච්චරනම් ලිපි පැවති රජයටත් දැන් සිටින රජයටත් භාරදුන්නද, නමුත් කිසිම තැනකින් මේ වෙනකොටත් කිසිදු ආකාරයේ පිළිතුරක් ලැබී නැහැ. ඇත්තමට මෙය සිදු විය යුතු දෙයක් දරුවන්ගේ අධ්‍යාපන වශයෙන් ශක්තිමත් පමණක් නොව ගුණධර්ම අතින්ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් අපේ රටේ අනාගතය ඉතාමත් විනාශකාරී වන බව නොඅනුමානයි.
මේක මුලික අයිතිවාසිකම් කඩ වීමක්. මොකද කැමති කෙනෙක්ට ආගමක් අදහන්නත් පුළුවන්, අකමැති කෙනෙක්ට් නිකන් ඉන්නත් පුළුවන්. එතකොට ආගම් අදහන්නේ නැති අය පෝය දා මොකක්ද කරන්නේ? ඒ මිනිස්සුට ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ. ඇමතිවරයාගේ මේ ගරු උසාවියෙන් හකුලා දමාවි ලේසියෙන්ම. ඒ වගේම මුදල් තියෙන අයට ගුරුවරු ගෙදරට එක්කන් ඇවිත් අදාල දවස් වල අමතර ඉගැන්වීම් ලබා ගන්න පුළුවන්. මොකද ඇමතිවරයා ගෙවල් ගානේ ගිහින් ක්ලාස් කරනවද කියලා බලන්න ඇයි? මෙයා එක පාරක් ආපු ගමන් කොටුවේ සතොසේ තියෙන මත්පැන් හල වහනවා කියලත් මේ වගේම නාටකය රඟපෑවා. අන්තිමට කරපු තොවිලයකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.
ඒ දින දෙකවත් ළමයින්ට නිදහසසේ ඉන්න පුළුවන්. එසේ කරන එක හොඳයි.
අපිත් ඉගෙන ගත්තේ ටියුෂන්වලට පිං සිද්ද වෙන්න. ඒ නිසා අපි හොදින් ඉන්නවා. මම කවදාවත් දහම් පාසල් ගිහින් නෑ. කවුරු හරි හිතනවා නම් දහම් පාසල් ගියාම ඔක්කොම හරි කියලා ඒක මිත්‍යාවක්. දැන් 95% විතර දහම් පාසල් යනවා. විනය හැදිලා තියනෙවද? දහම් පාසලුත් දැන් එක පාසලක් විතරයි. ඒකෙත් කරන්නේ උගන්වන එක විතරයි. අධ්‍යාත්මික සංවර්ධනයක් වෙන්නේ නෑ. උගන්වන්නෙත් බොහෝ විට සා.පෙල /උසස් පෙල අසමත් රැකියාවක් නැති කම නිසා ඉන්න අයයි.
ඉතාම හොද යෝජනාවක්... රටේ අනාගත පරපුර වෙනුවෙන් මෑත ඉතිහාසයේ කෙරෙන වටිනාම කැබිනට් පත්‍රිකාව විය යුතුය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේ හොද ක්රමවේදයකුත් අවශ්‍ය වේ. එයද මේ සමගම කැබිනට් පත්‍රිකාවට එකතුකරන්න. මංජුල මහතා කියූ පරිදි ... පෝය දවස සෑම දෙනාගේම ආගමික දවස බවට ප්‍රකාශයට පත් කරන්න. මේ සදහා පඩි සහිත නිවාඩුවක් ලබාදෙන්නේ ඒකයි. එහි වටිනාකම ලබාගැනීමට ජනතාව හුරුකිරීමේ සංස්කෘතිය ඇතිකළ යුතුය. ඒවගේම ඉරිදා දවසම පන්ති නොපවත්වා එදින සෑම දෙනාගේම ආධ්‍යාත්මික දවස බවට ප්‍රකාශයට පත්කල යුතුය. උදය වරුව දහම් පාසල් ගොස් සවස දෙමාපියන් ඇතුළු පුලේ සෑම එක්ව නිදහසේ ගත කිරීමට උපකාරක පන්ති රකුසාගෙන් ළමුන් බේරාදෙන්න. මෙලෙස කාලයක් යද්දී වන සාමාජීය , සහ අධ්‍යාත්මික වෙනස බලන්න. ඒ 9 ගන්න ළමුන් ගණන අඩු වෙනු ඇත. එහෙත් දැනුමින් සහ ආධ්‍යාත්මික ගුණ වදාවක් ඇති අනාගත පිරිසක් බිහිවනු ඇත. සංවේදී පිරිසක් බිහිවනු ඇත .
ලංකාවේ පාසල්වලින් නිසි ආකාරව ඉගැන්වීම කරනවානම් මොකටද ටියුෂන් පන්ති. දරුවන්ට තරගකාරී අධ්‍යාපනය නොවේ දිය යුතු. අලුතෙන් දෙයක් හිතල හරි විදිහට කරන්නේ කොහොමද කියන එකයි. මේ එක්කම පාසල් ගුරුවරුන් ගෙන් ළමයින්ට නිසි ආකාරව විෂයානුබද්ධ ඉගැන්වීම් වෙනවද කියලා බලන්න ඇගයීම් ක්‍රම වේදයක් සැදිය යුතුයි.
ගෙදරට ඇවිත් ටියුෂන් දෙන එකත් නවතිනවද ?
සියලුම ළමුන් දහම්පාසල් යන තත්වෙට ගේන්න ඕන ගුන ධර්ම වලින් පිරිපුන් අනාගත පරපුරක් සෑදීමට නම් මෙය අගය කල යුතු ක්‍රියාවක්. තවද දීමනා සැලසුමක් හෝ සකසා නොයන ළමයිනුත් පෙලබවිය යුතුය.
ආගම බලෙන් ඔලුවලට දාන්න බැහැනේ. පාසල් පද්ධතිය හොදයි නම් ටියුෂුන් යන්නේ නැහැනේ.
"මේක කලොත්", ඔබ තමයි එදා මේද තුර බිහි වූ අසහාය බුද්ධශාසන ඇමතිවරයා.
රටේ ඉන්න හොදම ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒකතු කරගෙන හොද නරක ළමයින්ගෙ මනසට කා වදින අද්යාතමික දියුණුවත් අැති කරන්න පුලුවන් දහම් පාසල් අධ්‍යාපන සැලැසමක් සකස් කල යුතුය.
බලාගෙන පාවෙන මනාප දෙන එකක් නැහැ. ලංකාවේ පලවෙනියත් පෞද්ගලික පාසලක.
ඉතාමත් හොද වැඩක් කරන්න පුලුවන්නම්... සියලුම ළමයි දහම්පාසල් යන එක මේ ක්‍රියාවෙන් බලාපොරොත්තු වෙන්න බැරි උනත්, ඒසදහා හොද ප්රවනතාවයක් ඇති කරලීමට මෙය මහගු උපකාරයක්. අඩුම වශයෙන් එදාටවත් ළමයිනට දෙයියනේ කියලා පොඩි හෝ නිදහසක් ලැබේවි අමතර පන්ති කරදරයෙන්.
මම දහම් පාසල් ගියේ අඩුවෙන්... නමුත් නොගියා කියලා අවුලක් වුනෙත් නෑ. මම උසස්පෙළට රසායන විද්‍යාවට ගියේ කුරුණෑගල පින්නපොල සර්ගේ... ලස්සනට දහම් පාසලක වගේ ගුණ ධර්ම කියලා දුන්නා. ප්රශ්නය හරි විදියට ටියුසන් නොකිරීමයි. ඒ වගේම අපේ ගමේ දහම් පාසලේ විභාගවලදී උගන්නපු අය එයාලගේ ළමයින්ට උදව් කර වැඩි ලකුණු ගන්න.
ටියුෂන් කියන්නේ සරලව කිව්වොත් පාසැලේ අධ්‍යාපනයෙන් විභාගය ඉහළින් සමත් වෙන්න බැරිවෙන තත්ත්වයක් යටතේ ඇතිවෙන තත්ත්වයක්. තමන් යන්නේ ටියුෂන් පන්තියටද? දහම් පාසැලටද? කියන එක ඒ ඒ පුද්ගලයාගේ තෝරා ගැනීමක්. දහම් පාසැල් ගිහිල්ලත් දුරාචාරයේ යෙදෙන අය වගේම හැදෙන අයත් ඉන්න හැකියි. ඒක ටියුෂන් පන්තියටත් අදාළයි. පාසැල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා නම් මෙවැනි නීති ගේන්න අවශ්‍ය නෑ. ළමයෙක් ඉරිදා දින ටියුෂන් නොයා පුස්තකාලයට ගොස් පාඩම් කරනවා නම් ඊළඟට පුස්තකාල ඉරිදට වහන්න කියනවද?
රජයේ පාසල් පැරදූ පුද්ගලික පාසල් වලට ජයවේවා !
මෙම ක්‍රියාව බෞද්ධ දර්ශණයත් අන්තවාදී කිරීමේ ප්රයත්නයක්. බුදුන් වහන්සේට, දෙව්දත් විසින් පංච වස්තු ඉදිරිපත් කළ විට උන්වහන්සේගේ අදහස වූ යේ කැමැති අය ඒවා පිළිපදින ලෙසත් , ඇකැමැති අය පිළිනොපදින ලෙසත්ය. වෙනත් ආගම් දෙස බලා බෞද්ධ දර්ශණය විකෘති කරන්න යාම කණගාටුවට කාරනයක්.
වයසේ වැරද්ද තමයි.