
(බී.ජී .චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොරෝනා වයිරසය වැළඳීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි
මීට දින විස්සක පමණ පෙර කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති සභාපතිවරයා මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට තිබේ.
බෝගහ අක්කරය, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචි නිහාල් තිලකවර්ධන මහතා මිය යන විට වයස අවුරුදු 67 ක දෙදරු පියෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝප දේශ යටතේ අද දින සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා...!!!
තාම දියවන්නාවේ කෙනෙකුට නම් ඔය වගේ දෙයක් වුණේ නැහැ...
පේනවා නේද කොච්චර පිරිත් නූල්, ආරක්ෂක නූල් බැඳගෙන හිටියත් මරුවා පරදින්නේ නැති බව... අපේ ලොක්කන්ටත් කියන්න තියෙන්නෙත් මේකමයි. එතුමාට නිවන් සැප පතමු..!