
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන රක්ෂිතයකින්, වසර 1,500 කට වඩා පැරැණි පුරාණ බෞද්ධ විහාරයක නටබුන් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම බෞද්ධ විහාරයේ නටබුන් දක්නට ලැබෙන්නේ හින්දු අධිරාජ්‍යයක නටබුන් සමඟ යැයි ඉන්දීය පුරාවිද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
බෞද්ධ විහාරයේ නටබුන් හමුවුණු ස්ථානයේ, හින්දු කෝවිල්වල නටබුන් 26 ක්, ලෙන් 26 ක්, ස්තූප 2 ක්, ශිලා ලිපි 24 ක්, පිළිම සහ ගල් කැටයම් 46 ක් සහ දිය පොකුණු 19 ක් ද ඇතැයි පැවැසෙයි.
නටබුන් සොයාගෙන ඇත්තේ බණ්ඩව්ගාර් වන රක්ෂිතයෙනි. මෙම රක්ෂිතය ඉන්දීය ව්‍යාඝ්‍රයන් සඳහා ප්‍රකටය.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මාස ගණනක ගවේෂණයකින් පසු ඔවුන්ට මෙම නටබුන් හමුවුණු බවය.
වනාන්තරයේ මෙම ප්‍රදේශය මීට පෙර ගවේෂණය කෙරුණේ 1938 වසරෙන් පසුව යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී/ඬේලිමේල්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉපැරණි බෞද්ධ විහාරයක නටබුන් ඉන්දියාවෙන් හමුවෙලා
fairoos Sunday, 02 October 2022 12:10 PM
එතකොට ලංකාවට බුද්ධාගම ඉන්දියාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ...?