
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ පැවති 06 වන ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අසංක දිසානායක , මීටර් 5,000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 3,000 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගෙන අද(27 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියේය .
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 20 ක ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩකයින් 1,000 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 23 දින සිට 25 දින දක්වා ඉන්දියාවේ අසාම් නුවර පවත්වා තිබුණි .
මෙම ජයග්‍රහණය හිමිකර ගත් අසංක දිසානායක අද අලුයම 01.55 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
අසංක දිසානායක හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිලධාරීවරයෙකු වන අතර මේ වනවිට ඔහු භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කරමින් සිටිනෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ජයග්‍රහණයට මගේ උණුසුම් සුභ පැතුම්. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දීමට ඔබ තුළ තිබෙන දැඩි කැපවීම සහ උවමනාව ඔබ ලද හමුදා පුහුණුවෙන් මනා ලෙස පැහැදිලි වෙනවා.
උණුසුම් සුභ පැතුම්.