(අජන්ත කුමාර අගලකඩ)
මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු ලැබ ඇත .
ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීම බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දැනුම්දී ඇත.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවැති රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන්නැයි ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇත .
ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බව වාර්තා වේ.
කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් කෝටි 40 ක පමණ මුදලක් සංස්ථාවට අවශ්‍ය වන අතර ,විදුලිබලය සඳහා අවශ්‍ය දී ඩීසල් සහ දැවිතෙල් ලබා දීමට තවත් ඩොලර් කෝටි 5 ක පමණ මුදලක් අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී තිබිණි .
ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 45ක පමණ මුදලක් අවශ්‍ය වන අතර ,එය මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .
අපනයන ආදායමෙන් මෙතරම් ප්‍රතිශතයක් ඉන්ධන සඳහා වැය කිරීම ජාතික අපරාධයක් බැවින්, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වලට වහාම යොමුවිය යුතු බව ද ඇමතිවරයා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන්වත් ලංකාවේ සෝලා පැනල් හයි කරන ඒවට සහයෝගය දීපල්ලාකෝ... පුදුම කාලකන්නි සෙට් එකක් ඔය සෝලා ප්‍රොජෙක්ට් අනුමත කරන්න ඉන්නේ... උන් කවදාවත් ඒවා අනුමත කරන්නේ නෑ. එහෙම අය හොය හොයා වෙඩි තියන්න ඕනෑ කාලකන්නි හැතිකරේ...
විදේශගත ශ්‍රමිකයින්ට තමන්ගේ ඩොලර් සඳහා වෙළඳපොළ වටිනාකම ලබාදෙන්න. ශ්‍රමිකයින්ගේ විදේශ ප්‍රේෂණ ශුද්ධ ලැබීම් වෙයි. අපනයන ආදායමේදී අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් වැයවේ. මේ නිසා විදේශ ශ්‍රමිකයින්ට ඩොලර් එකට රුපියල් 250ක් දීම සාධාරණයි. ආර්ථිකය ඝාතනය කරමින් පවතියි...
ඩොලර් අච්චුගහන්න ටිකක් අමාරුයි නේද?
මෙයාලා රට ගෙනියන්න හදන්නේ රී ලෝඩ් ක්‍රමයට... මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ද?
අනේ රත්තරන් පුතේ ඩොලර් නම් අච්චු ගහන්න එපා.මුළු ලෝකෙටම කෙළවෙන සීන් එකක් ඒක
අන්තිමට මුන් රටම විකුනලා තමයි පස්ස බලන්නේ .මොකද මෙයා වගකීම ගන්නවා කියන්නේ ඩොලර් කියන්නේ පතල් හාරලා ගන්න දෙයක් නෙමෙයි .බොරු සංදර්ශන .ඕවා හොඳයි මෝඩ බයියන්ට
මේ වගේ මොල 7 විශ්ම කර්මයන් ඉන්නකන් අපිට සසර වසනතුරු, නිවන් දකිනතුරු බයවෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ...
අච්චු ගහන්න ලේසියිනේ...!
ලංකාවේ භාණ්ඩ හා සේවා මෙන්ම මූල්‍යමය අංශවලටද වෙලා තියෙන්නේ...? එකතු කරගෙන ඉන්නවා පහුවෙලා වැඩි අගයකට විකුණා ගැනීමට. මුදල්නම් බැංකුවේ තැන්පත් කරගෙන ඉන්නවා වැඩි පොලියක් ගැනීමට. ඒ වුණාට භාණ්ඩ හා සේවා මෙන්ම මුදල්ද නිසියාකාරව පරිහරණය නොකිරීමෙන් කල් ඉකුත් වී ජනතාවද හිඟන්නෝ වී, භාණ්ඩ හා සේවා මෙන්ම මුදලේද වටිනාකම බාල්දු කරගෙන ඇත. ලංකාවේ ඩොලර් නැතිවෙන්න එක හේතුවක් මට හිතෙන්නේ, ලංකාවේ පුද්ගලයින් වැඩි පොලියක් ගැනීමට බැංකුවල මුදල් තැන්පත් කරගෙන සිටීමයි. විශේෂයෙන්ම රජයේ බැංකුවල... රජයේ බැංකු බංකොළොත් වෙන්නේ නැතැයි කියන විශ්වාසයෙන් පුද්ගලයින් ඒවායේ තැන්පත් කරනවා. නමුත් බැංකුවලට නැහැ දේශීයව භාණ්ඩ හා සේවාවල ආයෝජනය කර ඒවායේ ගුණාත්මක භාවය වැඩිකර ගන්න ක්‍රමයක්... නමුත් තැන්පත්කරුවන්ට පොලි ගෙවීමට ඇති බැවින් විදේශවල ආයෝජනය කළද එම රටවල්වල විදේශ ප්‍රතිපත්ති සහ මූල්‍යමය ප්‍රතිපත්ති මත බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ නොලැබී ලංකාවේ මුදල ඩොලර් හෝ වෙනයම් විදේශ මුදලක් ලෙස විදේශවලට ගලායෑමක් පමණක් වී ඇත. රට තුල නිසියාකාර ආයෝජනයක් නොමැතිකමින් භාණ්ඩ හා සේවාද එයට ගැලපෙන වටිනාකමකින් යුත් මුදල්ද රට තුළ නොමැත...
ඩොලර් ගහ දැන් හොඳට වැවිලා ඇතිනේ...
රට තුළ නිසියාකාර ආයෝජනයක් නොමැතිකමින් භාණ්ඩ හා සේවාද එයට ගැලපෙන වටිනකමකින් යුත් මුදල්ද රට තුළ නොමැති බැවින් භාණ්ඩ හා සේවාවල හුවමාරුවට මුදල් අච්චු ගසා මුදල් සැපයුම වැඩිකිරීමට සිදුවී ඇත. ප්‍රතිඵලයක් ලෙස රජයේ බැංකු බංකොළොත් නොවුණාට රට බංකොළොත් වී ඇත. වර්තමානයේ රටේ භාණ්ඩ හා සේවාවල හුවමාරු මාධ්‍ය වන මුදල (රුපියල) ගැන විශ්වාසය අඩුවී ඇති බැවින් පොදු බිල්පත් (වතුර, විදුලිය වැනි ) නොගෙවා සිටීමට පුද්ගලයින් පෙළඹී ඇත. එබැවින් රටේ ආදායම අඩුවී, රටක් ලෙස විදේශ වලින් ණය ගැනීමට සිදුවී, නැවතත් පෙරකී මුදල් නිසියාකාරව පරිහරණය නොකිරීමේ විෂම චක්‍රයට හසුවී දිනෙන් දින පසුබැසීමකට ලක්වෙමින් ඇත...
බලලා මැටියෙන් උනත් කමක් නැහැ මීයෝ අල්ලනවානම්
රට බංකොලොත් කරලා ඉවරයි... දැන් එනවා කියවන්න...
මටනම් හිතෙන්නේ ඩොලර් නෑ කියන කතාව බොරුවක් කියලා. ගිය ආණ්ඩුව ඇවිල්ලා කළේ කළින් ආණ්ඩුව ගත්තු ණය ගෙවන්න කියලා ණය අරගත්තු එක. දැන් මේ ආණ්ඩුව කිව්වේ අපි ඇවිල්ලා ණය ගන්නේ නැතිව රට හදනවා කියලා දැන් කරන්නේ බොරුවට ඩොලර් නෑ කියලා අලුත් ක්‍රමයකට ණය ගැනීම.. මහබැංකුවේත් ඉන්නේ සෙට් එකේම කෙනෙක්. මුදල් ඇමැතිත් ඒගොල්ලන්ගේම කෙනෙක්.... කාටවත් කියන්න බෑ මුකුත්. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.. ඊළඟට එන ආණ්ඩුව ණය ගන්නේ මේ ආණ්ඩුව ගත්තු ඩොලර් ගෙවන්න කියලා..