(සිසිර කැලේගම)
දොස්තරවැරන්ට පමණක් තෙල් දී සුලූ සේවකයන්ට තෙල් නොදීමට පොල්පිතිගම සමුපකාර ඉන්ධනහල් සේවකයින් කටයුතු කිරීම නිසා ඊට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව යාම හේතුවෙන් පොල්පිතිගම මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි බාහිර රෝගිහු දැඩි අසරණතාවයකට පත්වූහ.
සිකුරාදා දිනයේ දී රෝහල් කාර්යය මණ්ඩලයට ප‍්‍රමුඛතාවය දී ඉන්ධන නිකුත් කරන ලෙසට අමාත්‍යවරයා දී තිබු චක‍්‍ර ලේඛයට අනුව ඉකුත් සිකුරාදා සවස් යාමයේ හා සෙනසුරාදා පෙරවරුවේ දී ඉන්ධන ලබා ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලයේ සුලූ සේවකයන් ඉන්ධනහල වෙතට ගොස් සිටිය දී පෝලිමේ රැදී සිටින පිරිස් බැණ වැදී සේවකයන් ට අපහාස කිරීම හේතුවෙන් 25 දා පෙරවරුවේ දි බාහිර රෝගින්ට ප‍්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීමට වෛද්‍යවරුන් කටයුතු කිරීම නිසා මේ තත්ත්වය උදා වු බව රෝහල් සේවකයන් පැවසුහ.
මේ තත්ත්වය නිසා රෝහල් සේවකයන් ඉන්ධන ගැනීමට ඉන්ධනහල අසලට ගොස් සිටින බවට ගේට්ටුවෙහි දැන්වීමක් ප‍්‍රදර්ශනය කරමින් රෝහලට පිවිසෙන ගේට්ටුව වසා දමා තිබුණු බව රෝගින් පෙන්වා දුන්හ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන හුටපටයකින් පොල්පිතිගම රෝහල වැසෙයි