
(යොහාන් භාසුර)
ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 335 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් බවත් එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 299 ක සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බව බවද කරන සංස්ථාව වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි. මේ අඩුවීම් වෙළඳ ප්‍රජාව පරිභෝගිකයාට ලබා දිය යුතුයි.
එක කුලී ලියන්නෙක් වත් නෑ මේවට අදහස් දාන්න...