අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන මිල සුත්‍රය හමුවේ ඉන්ධන මිල ගණන් දිගින් දිගටම ඉහළ යන බැවින්, විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කර ගැනීම සඳහා සහනයක් සලසන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉල්ලීමක් කර ඇත.
ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.
විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පදන වියදමින් සියයට 60 ක් පමණ ඉන්ධන සඳහා වැයවන බවත් එය දරාගත නොහැකි බවත්, ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.
ඉන්ධන සඳහා මිල සුත්‍රයක් ක්‍රියාත්මක වුවද, විදුලිබල මණ්ඩලයට එවැනි මිල සුත්‍රයක් හඳුන්වාදිය නොහැකි බව පෙන්වා දී ඇති ඇමැති සියඹලාපිටිය මහතා කෙසේ වුවද මණ්ඩලය විදුලිය නිෂ්පාදනය සඳහා දරණ අධික වියදම සමනය කර ගැනීමට සහනයක් අවශ්‍ය බව පවසා ඇත.
මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය සහ ඛනිජතෙල් සංවර්ධන අමාත්‍යංශය යන අමාත්‍යංශවල නිලධාරින්ගෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිට එහෙම නම් අපිට මොනවද? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ නෙමේ "ගහෙන් වැටුන මිනිහට ගොන්නු ඇන්නා වගේ". හැම පැත්තෙන්ම වදිනවනේ...
මේක රටේ තවත් මාෆියා ව්‍යපාරයක්. වහින කාලෙට ජලාශ වල වතුර වැඩිය එකතු කරගන්න උනන්දුවක් නෑ එතකොට පව්ද්ගලික බලාගාර වලින් මිලට ගන්න වෙන ප්‍රමාණය අඩුවෙන නිසා. ඒ එක්කම කොමිස් අඩු වෙනවා. මන් දන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්ට කුඩා කුඩා බලාගාර ගොඩක් තියෙනවා. රජයට විදුලිය විකුණලා තමයි වැඩිපුරම සල්ලි හොයන්නේ.
විදුලි බිලටත් සුත්‍රයක් දාලා මාසෙන් මාසේ බිල වැඩි කලානම් හරිනේ. අපේ මිනිස්සුන්ට එහෙම කරලත් මදි.
සූත්‍රයක් එන ලකුණු .....