IMG-LOGO

ඉන්ධන මිල අඩු කරයි

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බවත් ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 333 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ලංකා භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 295 ක සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 330 ක පවතින බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

ඉන්ධන මිල අඩු කරයි

de silva Monday, 01 May 2023 06:39 AM

දැන් ප්‍රවාහන ගාස්තු සහ බඩු මිල අඩු කරනු.

:       1       1

sarath Monday, 01 May 2023 10:10 AM

ඉන්දියන් ඔයිල් සමාගම සහ අපේ තෙල් සංස්ථාව කරන බිස්නස් ප්‍රමාණය සලකා බලා අපේ සංස්ථාවේ සේවකයන් ප්‍රමාණය ඔවුන්ට ගෙවන වැටුප් ආදිය අඩු කළොත් අපට තෙල් තව අඩුවට දෙන්න පුළුවන්. අලුත් සමාගම් ලඟදීම එනවා. එවිට තෙල් මිල තව අඩුවෙලා අපට හොඳ ප්‍රමිතියකින් යුතු තෙල් ගන්න පුළුවන්. බොරතෙල් මිලදී ගන්නකොට දේශපාලකයන් ගහන කොමිස් එක නැතිවෙලා ඒකෙ වාසියත් පාරිභෝගිකයාට ලැබේවි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 519 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 697 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site