(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බවත් ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 333 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ලංකා භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 295 ක සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 330 ක පවතින බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රවාහන ගාස්තු සහ බඩු මිල අඩු කරනු.
ඉන්දියන් ඔයිල් සමාගම සහ අපේ තෙල් සංස්ථාව කරන බිස්නස් ප්‍රමාණය සලකා බලා අපේ සංස්ථාවේ සේවකයන් ප්‍රමාණය ඔවුන්ට ගෙවන වැටුප් ආදිය අඩු කළොත් අපට තෙල් තව අඩුවට දෙන්න පුළුවන්. අලුත් සමාගම් ලඟදීම එනවා. එවිට තෙල් මිල තව අඩුවෙලා අපට හොඳ ප්‍රමිතියකින් යුතු තෙල් ගන්න පුළුවන්. බොරතෙල් මිලදී ගන්නකොට දේශපාලකයන් ගහන කොමිස් එක නැතිවෙලා ඒකෙ වාසියත් පාරිභෝගිකයාට ලැබේවි.