(යොහාන් භාසුර)ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පෙර සතියේ කිව්.ආර්. කේතය හරහා ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු ඉන්ධන පිරවුම්හල් 66ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු සියයට 60 ක් පැවැති කිව්.ආර්. කේතය හරහා ඉන්ධන අලෙවිය සියයට 80 කට වඩා ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති බව ද සඳහන් කළේය.
ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික්ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක්ටොන් 5500ක් නිකුත් කර බෙදා හරින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd