IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඉන්ධන දෙන්න ටැංකි ලොකු කරයි

(අංජුල මහික වීරරත්න)

කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා ටැංකි ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි වන පරිදි අවම වශයෙන් දින 45 කට ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන තොගයක් පවත්වා ගෙන යාමට සැලසුම් කරනු ලැබ ඇත. එකී අවශ්‍යතාව සපුරාලීම සඳහා එම සමාගමේ කොළොන්නාව නිමාවේ ඝන මීටර 64,000ක ධාරිතාවකින් යුත් නව ටැංකි 6ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මුතුරාජවෙල පර්යන්තයේ ඝන මීටර 40,000ක ධාරිතාවයකින් යුත් නව ටැංකි 3 ක් ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ.

ඊට අමතරව, කොළොන්නාව නිමාවෙහි දැනට පවතින අංක 30 සහ 31 දරන ටැංකි පිළිවෙලින් ඝන මීටර 7,000 ක සහ ඝන මීටර 15,000 ක ධාරිතාවයෙන් යුත් නව ටැංකි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට ද සැලසුම් කරනු ලැබ ඇත.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුම සහතික කිරීම සඳහා අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා නව ටැංකි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එකී කාර්යය සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් උපයෝගී කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ඉන්ධන දෙන්න ටැංකි ලොකු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site