IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්ධන ඇමැති කනගාටු වෙයි

(යොහාන් භාසුර)

ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පස්වරුවේ පැවසීය.

ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවට කනගාටුව පළකරන අතරම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කී අමාත්‍ය විජේසේකර මහතා පැවසුවේ පැරණි ඉන්ධන සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් නව සැපයුම්කරුවන්ට  යෑමට සිදුවීමෙන් ඉන්ධන ආනයනය දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවත්ය.

ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැදී උද්ඝෝෂණය නොකරන ලෙස ඉල්ලා සිටින අතරම භූමිතෙල් තව දුරටත් ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (10)

ඉන්ධන ඇමැති කනගාටු වෙයි

ranjith Sunday, 26 June 2022 07:46 PM

ප්‍රශ්න විසඳන්න නේද ආවේ... දැන් මොනවද කියන්නේ..?

:       8       94

ravin Sunday, 26 June 2022 08:00 PM

වැඩ බැරිනම් ගෙදර යන්න...

:       12       91

APerera Sunday, 26 June 2022 09:26 PM

අනේ, දැන්ම හදිසි වෙන්න එපා කණගාටු වෙන්න. ඉදිරියට එළැඹෙන කාල පරිච්ඡේදය තුළදී ඔයිට වඩා කණගාටු වෙන්න අවස්ථාවල් අපමණව සහ සීමා රහිතව ඉදිරිකාල පරිච්ඡේදය තුළදී අම්බානකට හම්බ වෙනවා නියතයි. හෙට ඉර පායන මෙන් විශ්වාසයි...

:       1       5

බද්රානි Sunday, 26 June 2022 10:11 PM

මොකටද කණගාටු වෙන්නේ? ඔබලාට හොඳ නම්, අපිට ගානක් නැත්නම්, පිස්සුවටද නිරපරාදේ කනගාටු වෙන්නේ? මළ මිනියෙනුත් ගානක් සාක්කුවට දා ගන්න පුරුදුවෙලා ඉන්න අපට මොන දුකක්ද..? නුඹලා සතුටින් නම්, අපි ජොලියෙන්.. ආයේ මොනාද කතා?

:       2       6

බද්රානි Monday, 27 June 2022 01:52 AM

අපි මෙච්චර ජොලියෙන් ජීවත් වෙද්දී, විකාරද මන්දා, අපි වෙනුවෙන් කණගාටු වෙන්න... ඇයි, මතක නැද්ද අපේ මිනිස්සු ඉල්ලුවේ සිරිමාවෝ මැතිණියගේ වගේ යුගයක්නේ. දේශීය ආර්ථිකයක්. ඉතින් ඒක දැන් ලැබිලා තියනවා. වවාගෙන කාලා සතුටින් ජීවත් වෙයල්ලා. ඉතිහාසය, භූගෝලය, ආගම, සංවර්ධනය එකට කලවම් කරාම රසවත් අච්චාරුවක්. හාල්, පොල්, මිරිස් විතරයි නුඹලාට තව අඩු... හෙට, අනිද්දා ඒකත් ලැබෙයි. එතෙක් නටමින්, මැච් නරඹමින් ඉවසලා ඉන්න..!!!

:       3       7

සලීම් Monday, 27 June 2022 07:54 AM

කටේ තියෙන මුකරි කමට TV නිව්ස්වලට කියන බොරුවලට ජනතාවගේ දැන් මළපැනලා තියෙන්නේ... බැරිනම් කොච්චර උගත්තු ඉන්නවද රට කරන්න..? රටේම තිබුණ ප්‍රකෝටි ගණන් සල්ලි හොරාකාලා රට නැත්තට නැති කළා. අද රටේ සමස්ත ජනතාවම අපා දුක් විඳිනවා මේ අය හින්දා. තවත් පව් නොදී මේ ආණ්ඩුව අස්වුණු දාට තමයි රටට සැනසීම...

:       1       7

ලමය Monday, 27 June 2022 11:18 AM

කණගාටුව නෙමෙයි මුහුදට පැනලා මැරියල්ලා...!!!

:       1       15

fairoos Monday, 27 June 2022 01:14 PM

රටෙ මෙ තත්වෙට පත්කරල සමාව අයදිනව. මෙ අයටනම් කිසිම සමාවක් නැහැ.

:       2       6

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 June 2022 02:11 PM

මොනවද මේ බාලාංශ කතා? ඉන්ධන දෙන්න බැරි නම් ඒ ඇමැති මොන කෙහෙල් මලකටද මේ තනතුර දරන්නේ...? රටේ ජනතාව තෙල්ගන්න ඉන්නේ ණයට නෙමෙයි. මුදල් ගෙවලා. ඒත්, ඇමැති කියනවා පෝලිමේ ඉන්න එපාලු. ඇමැතිලා සහ ඇමැතිලාගේ රජයත් ගෙදර යන්න. ඔබලාගේ බැරිකම දැන් හොඳටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. තවත් නිකං හුරතල් කතා එපා...

:       1       9

Manjula Monday, 27 June 2022 02:23 PM

දරුවන්ට පාසලට යන්න නැහැ. ලෙඩෙකුට රෝහලට යන්න නැහැ.. කුප්පි ලාම්පුවක් පත්තු කරගන්න තෙල් ටිකක් නැහැ. අපි තමයි හොඳටම කළේ කියපු කට්ටිය අවුරුදු 25, 30 කින් රට ආපස්සට ගෙනිච්චා. ඔවුන්ගේ දරුවන් පිටරටවල අපේ අය හාමතේ. රටේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරන්න බැරි පාලකයින් පම්පෝරි ගහනවා. වරද පිළිගන්නෙත් නෑ. බැරිකම පිළිගන්නෙත් නෑ. අහිංසක මිනිස්සුන්ට තවත් දුක් නොදී ගෙදර යන්නේ නැත්තේ ඇයි...?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site