(රංජන් කස්තුරි)
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් ලබාදීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මල නොබැදෙන දුම්රිය මැදිරි 160න් පළමු කොටස මැදිරි 10ක් ඉකුත් දා ලබාදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය කියයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදිත මෙම දුම්රිය මැදිරි පිටතින් පොලියුරතේන් ආලේපයකින් සහ දිරායාම වලකන විශේෂ ආලේපනයකින් සමන්විතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුව සැරිය" වගේ විශිෂ්ඨ බවට දැන් තහවුරු වී ඇති සේවාවක් නොමිලයේ ඉන්දියාවෙන් ලබාදෙන කොට ගිරිය පුප්පාගෙන කෑ ගහපු දේශප්‍රේමීන් සහ වෙදැදුරන් දැන් සල්ලිවලට ඉන්දියාවෙන් මේවා ගන්න කොට මීක් නෑ. මාර වැඩක් මේ ගොල්ලෝ ලංකාවට සිද්ද කළේ...
මළ නොබැඳෙන දුම්රිය මැදිරි, මුහුදු බඩ මාර්ගයට යෙදවීම ගොඩක් හොඳයි.
සුව සැරියට එකල සූදානමව තිබුණේ ඉන්දියන් රියදුරන් සහ කාර්ය මණ්ඩලය යොදවා වෙනම ඒකකයක් ලෙස පවත්වා ගෙන යාමට බවයි අසන්නට ලැබුනේ... ඒක ප්‍රදානයක්. පසුව ඊට සමගාමීව ඉන්දියානු සිල්ලර සුපර් මාර්කට් ජාලයක් මේ රටේ විවෘත කිරීමටයි තිබී ඇත්තේ. ඇතිවූ බලවත් විරෝධයෙන් ඒවා නැවතුණා. ගිලන් රථ සේවකයන් සියයට සියයක් ම ලාංකික වුණා.. ඉතින් ඉන්දියාවටත් නොමැති බව පැවසෙන හොඳ ගිලන් රථ සේවයක් මේ රටේ දැන් තිබෙනවා.
අල ගලවනකොට අල පිටරටින් ගේනවා. මෙහෙ අල කුණු වෙන, පෙට්ටි රෙපෙයාර් කරලා ඉවර වෙනකොට ඉන්දියාවෙන් පෙට්ටි එනවලු. අනේ මෙහෙම රටක්..
දුම්රිය වෘත්තිය සංගම් මොනවා කිව්වත්, මහජනතාවට හොඳින් යාහැකි සැපපහසු දුම්රිය මැදිරි තමා අවශ්‍ය වෙන්නේ... මොකද මගී ජනතාව මේවායේ පිනට යන්නේ නැහැ. මුදල් ගෙවලා තමයි යන්නේ. ඉස්සෙල්ලාම බලන්න ඕනෑ මගී ජනතාවගේ සුවපහසුව හා ආරක්ෂාව. ඕවා ලංකාවේ හැදුවත්, මොන තූත්තුකුඩියෙන් ගෙනාවත් මගින් යන්න ඕනෑ මුදල් ගෙවලා. ඒ වුණාට දුම්රිය සංගම් හිතන් ඉන්නේ මගීන් පිනට යනවා කියලා. ගෙම්බර් කතා තමයි දාන්නේ...
නිකං දෙනවා වගේ කියන්නේ...
ලංකාවේ හැදුවත්, ඉන්දියාවෙන් ගෙන්නුවත්, අපේ කට්ටිය මේවා පාවිච්චි කරන හැටි හැමෝම දන්නවා. කට්ටිය බලාගෙන ඉන්නේ අලුත් ඒවා ගේන කම්..., කෑලි ගලවන්න? මේකයි ඇත්ත කතාව..
මුලින්ම අපට සුවසැරිය දී ඉන්දියානුවන්ට අඩු වැටුපකට ලංකාවේ කම්කරු රැකියා ලබාදීමේ සූදානමක් ද තිබුණා. ඇතිවූ විරෝධය නිසා සුවසැරිය පමණක් අපට හිමි වුණා. අවසානයේ අප රටට යහපත් දෙයක්ම සිදුවුණා.
එක පැත්තකින් මොර දෙනවා ලංකාවට සල්ලි ඉතිරි කරන්න දුම්රිය මැදිරි ලංකාවේම නිෂ්පාදනය කරනවා කියලා, අනිත් පැත්තෙන් මොර දෙනවා.. ඒවා ඉන්දියාවෙන් ගේනවා කියලා. රටේ නායකයෝ ඉඳගෙනද, හිටගෙනද ඉන්නේ කියලාවත් දන්නේ නැති කාලයක් මේක...