
මුම්බායිහිදීය (රොයිටර්ස්)
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 271,202 වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා (16) නිවේදනය කළේය.
එම ගණන ඉන්දියාවෙන් මාස අටකට පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
එම ගණනත් සමඟ ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 37.12ක් දක්වා ඉහළ ගියේ ය.
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී එනම් සෙනසුරාදා දිනය තුළ දී පමණක් වයිරස ආසාදිත මරණ 314ක් වාර්තා වී ඇති අතර ඒත් සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 486,066ක් දක්වා ඉහළ ගියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd