ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිව සෞඛ්‍ය බලධාරීන් විවිධ කතා කියමින් සිටින්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.
සෞඛ්‍ය නිලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කළ හෙයින් එන්නත් ලක්ෂ 10ක් නාස්තිවීමේ අවධානමක් හටගෙන ඇතැයි ද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි.
පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂාවීමට නම් අනිවාර්යෙන්ම දෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.
එම නිසා ඉන්දියාවට වැද නමස්කාර කර හෝ අස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගෙන දෙවන මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය නිලධාරින් කටයුතු කළ යුතු බව ද කුමුදේශ් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු එන්නත් ඉන්දියාවෙන් එනකොට රටේ නායකයා කිව්වේ තමාගේ ඉල්ලීමට ඉන්දියාව දුන්නයි කියලා. දැන් තත්වය කොහොමද? එදා දීලා ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉලක්ක කරගෙන වෙන්න ඇති...
ඉන්දියාව තමන්ගේ රටේ අයට දීලා ඉවරවෙලා කියලා තියෙනවනේ... වෙන විකල්ප හොයන එක තමයි හොඳ... රටේ ප්‍රතිශක්ති වර්ධන බෙහෙත් හොයනකොට මෙතුමන්ලා නැටුවා. ඒවාට සහාය දීලා තමන්ගේ දෙයකින් ගොඩයන්න හිතුවා නම් මේවගේ "වැඳලා හරි" ගෙනෙන්න කියන තත්වෙක ඔබතුමා වැටෙන්නේ නැහැ තමන්ගේ රට ස්වයංපෝෂිත නැතිව අනුන්ට අතපාන්න වුණාම වෙන නස්පැත්ති මේවා....!!!
උදේ ඉඳන් රෑ වෙනකම් ඉන්දියාවට දොස්කියන, දවස පුරාම ඉන්දියාවට අතපාන... කන්නලව් කරන අපේ රට සිංහයන්ගෙන් පිරුණු ශ්‍රී ලංකාවද?
විපක්ෂයේ හිටපු කාලේ ඉන්දියාවටයි, චීනයටයි පතුරු යන්න දොස් කියපු මේ ආණ්ඩුවට කිසිම සහනයක් ඒ රටවල්වලින් ලැබෙන්නේ නැහැ.
ආණ්ඩුව පොර ටෝක් දුන්නේනම් ලෝකේ පළමුවෙන්ම රටේ ඔක්කොටම එන්නත දුන්න ලෝකයේ පළමු රට වෙනවා කියලා නේද?