එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සිය සහාය ලබාදෙන බව ඉන්දියාව තහවුරු කළේ යැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.
එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය ඇතුළු රටවල් ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට (22) පැවැත්වීමට නියමිත ය.
කෙසේ නමුත් ඡන්දය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd