
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් දක්වා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා තාවකාලිකව නවතා ඇත
එම මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත
මෙම මගී ප්‍රවාහන සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම නෞකාවෙන් ගමන් කරති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දෙසැම්බර් වෙනකම්ම නවත්වන්න අවශ්‍ය නැහැ. නැවත කාලගුණය යහපත් වුණාම වහාම පටන් ගන්න. බෝට්ටු සේවය නිසා උතුරේ, උතුරු මැද පළාත්වල ජීවත්වන සිංහල, දෙමල, මුස්ලිම් ජනතාවට සහ සංචාරකයින්ට විශාල සේවයක් වෙනවා. ගමන් පහසුවක් වෙනවා... යන්න එන්න ඩොලර් 100 නොහොත් රුපියල් 30000 පමණ ගෙව්වාම, උතුරේ හෝ උතුරු මැද පළාතේ ජීවත්වෙන කෙනෙකුට ඉන්දියාවේ යන්න පුළුවන්..., මේක ගුවන් ටිකට් පතක් අරන් කොළඹින් යන්න ගියාම ටිකට් වලට පමණක් රුපියල් 60000-70000 වියදම් වෙනවා. යන්න එන්න වාහන වලටත් එක්ක ගාන හැදුවොත් ලක්ශේ පනිනවා. සමහර සංචාරකයෝ TRAVEL PLAN එක හදාගෙන එන්නේ... කොළඹට ගොඩ බැහැලා දකුණේ සහ කදුකර ප්‍රදේශවල සංචාරය කර උතුරට ගොස් බෝට්ටු සේවය හරහා ඉන්දියාවට ගොස් චෙන්නේ..., හෝ ත්රිවෙන්ද්රම් , කොචින් ගුවන් තොටුපල හරහා ගුවන් ගතවී නැවත සිය රට යන්න. මේ ගැන ප්‍රවාහන ඇමැතිගේ අවධානය යොමු කළයුතුයි. පාර්ලිමේන්තුවේ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන දේශපාලකයිනුත් මේ ගැන කතා කළ යුතුයි... මේවා තමා උතුරු නැගෙනහිර ජනතාවට තිබෙන ප්‍රශ්න...