
(ටී.කේ.ජී.කපිල)
ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළා , එය අතිශයින්ම ඉන්දියාව මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූණා ඒ ගැන මා ඉතා සතුටු වෙනවා යැයි බව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය .
ඇය එසේ පැවසූවේ,ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව , යළි ශ්‍රී ලංකාවට පා තැබිමෙන් පසු ඇය එසේ කීවාය.
එහිදී අදහස් දැක්වූ යොහානි ද සිල්වා . මම ඉන්දියාවේ නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල සංගීත ප්‍රසංග සදහා සහභාගී වුණා.
එහිදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි උනා . මට ඒ පිළිබඳව ගොඩක් සතුටුයි .
මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීමටයි . දැන් ඒ ඇල්බමයේ ගොඩක් වැඩ අවසන් කරල තියෙනවා යැයි ද ගායිකා යොහානි ද සිල්වා වැඩිදුරටත් පැවසුවාය .
කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගැන ඉතාම සතුටුයි. තවතවත් සාර්ථක වේවා...!
දුව ගැන ආඩම්බරයි..
මැණිකේ ගීතය ගායනා කළ මුල් අයිතිකරු ගැන වචනයක්වත් කිවුවෙ නෑ නේද?
සිංහල සිංදුවකින් ලෝකෙම එකට තියලා ගැට ගහපු පුංචි කෙල්ල. ප්‍රවේශමෙන් ඉදිරියට යයි කියලා හිතනවා.
ජයවේවා ... හිතවත් යොහානි .....
ඉතාමත් සතුටුයි... ඉදිරියටම යන්න.
ජනප්‍රිය ගී තරුවක් වන්න. සුභාශිංසන !!!!
මාස්ටර්ලයි ප්‍රවීන නලාකාරයොයි මීක් නෑ . පොඩ්ඩක් එලියට බැහැලා සුභ පතන්නකෝ...... ! ඒ අය දන්නේ නවකයොන්ගේ වැරදි හොයන්නයි අඩ අඩා දේශපාලකයන්ට කඩේ යන්නයි විතරයි. තවම එක්කෙනෙක්ට ජාත්‍යන්තරයට යන්න බැරිවුනා.....
ඉතාමත් සතුටුයි.
සුබ පැතුම්...!!!
මාස්ටර්ලාට මේ දවස්වල සරිගම අවුල්වෙලා සරස්වතීව පෙට්ටගම අස්සේ හංගලා. තනු ඉල්ලන හැමෝම දැන් ඉල්ලන්නේ ජාත්‍යන්තරයට යන්න තනුවක්ලු... සමහර අය ඉල්ලන්නේ අම්තාබ් භච්චන් කැමති විදිහෙ තනුවක්ලු. තවත් සමහර අය රෝ එක කැමති තනුවක් ඉල්ලනවාලු...
තෙරුවන් සරණයි..! උණුසුම් සුබපැතුම් දරුවෝ... ඔබ සුවිශේෂී රණ විරුවෙකුගේ දරුවෙක්... ඔබට ලොකු වගකීමක් තිබෙනවා එතුමාගේ ගෞරවය ආරක්ෂා කිරීමට... එ් වගේමයි ඔබ දැන් ශ්‍රී ලංකා මෑණියන්ගේ උදාර දියණියක්... එමනිසා ඔබට ලොකු වගකීමක් පැවරිලා තිබෙනවා... රටේ ජාතියේ අභිමාණය ආරක්ෂා කිරීමට. කරුණාකර ඔබගේ ඇඳුම් පැළඳුම්, විලාසිතා තුළින් ශ්‍රී ලංකා මෑණියන්ගේ ගෞරවයට, අභිමානයට හානියක් වෙන්න දෙන්න එපා. තෙරුවන් සරණයි..!!!
මට දැනෙන විදිහට මේ දරුවාට අනවශ්‍ය විදිහට කරදර කරනවා. ඕනෑවට වඩා මාධ්‍ය සංදර්ශන මේ දරුවට කරදරයක්...
සුබ ගමන් මැණිකේ...!!!
පව් දනිස් ඉරිච්ච කලිසමක්.